Ticker

6/recent/ticker-posts

Header Ads Widget

යාපනේ සීනි කැකිරි ගොවීන්ගේ කරල පැසේ

Author(s): 
වව්නියාව උතුර සමූහ බන්දුල සෙනෙවිරත්න

යාපනයේ සීනි කැකිරි වගා කළ ගොවීන්ට මෙවර ඉතා හොඳ කලක් උදා වී තිබේ.

මේ දිනවල උතුරු ප්‍රදේශයේ පවතින දැඩි රශ්මිය හා උණුසුම් පරිසරය නිසා උතුරේ වසියෝ සීනි කැකිරි වැඩි වශයෙන් මිලට ගැනීමට පටන් ගෙන තිබේ.

මීට පෙර වර්ෂවල සීනි කැකිරි කිලෝවක් රුපියල් 100 කටවත් අලෙවි කර ගැනීමට නොහැකි වූ යාපනයේ සීනි කැකිරි ගොවීන්ට මෙවර එක් කිලෝවක් රුපියල් 250 කට කිසිදු ප්‍රශ්නයකින් තොරව අලෙවි කර ගැනීමට අවස්ථාව උදාවී තිබේ. එක් සීනි කැකිරි ගෙඩියක කිලෝ එකහමාරත් දෙකත් අතර බරක් ඇති නිසා යාපනයේ ගොවීන්ට සීනි කැකිරි ගෙඩියක් රුපියල් 500 කට අලෙවි කර ගැනීමට හැකි වී තිබේ.

ශරීරයේ උෂ්ණත්වය පාලනය කිරීමට මෙන්ම ශක්තිය වැඩි කිරීමේ බලයක් සීනි කැකිරිවලට තිබීමත් පිපාසය සංසිදුවීමට සීනි කැකිරිවලට හැකියාවක් ඇති නිසාත් උතුරේ වැසියන් සීනි කැකිරි මිලට ගෙන පානයක් ලෙසත් ඇතැමුන් සීනි සමඟ කෑමටත් මේ දිනවට වැඩි වශයෙන් පුරුදු වී සිටිති.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();