මුලතිවු ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යාවක් අතුරුදන් වී ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි යාපනයේ කෝපායි පොලිසිය පවසයි. මුලතිවු මුල්ලියාවලෙයි ගම්මානයේ තුන්වැනි පටුමඟේ පදිංචි පහළොස් හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් යාපනයේ කල්වියන්කාඩු පළාතේ ඥාති නිවෙසකට ගොස් සිටිය දී අතුරුදන් වී ඇති බවට යාපනයේ කෝපායි පොලිසියට පැමිණිලි ලැබී ඇති අතර, එසේ අතුරුදන් වී ඇත්තේ ශිවනේෂන් කස්තුරි නැමති ශිෂ්‍යාවකි. මේ ශිෂ්‍යාව පසුගිය 18 වැනි දා අලුත් අවුරුද්ද වෙනුවෙන් ඥාතීන් සමඟ මුලතිවු සිට යාපනයට පැමිණ ඇති අතර, පාසල් නිවාඩු නිසා ඇය ඥාති නිවෙසේ නතර වී තිබේ. මෙසේ සිටින අතරතුර පසුගිය දා (22) සවස සිට එම දැරිය අතුරුදන් බවට යාපනයේ කල්වියන්කාඩු නිවෙසේ උදවිය කෝපායි පොලිසියට පැමිණිලි කර තිබේ.
කෝපායි පොලිසිය මේ පිළිබඳ මුලතිවු මුල්ලියාවලෙයි පොලිසියට ද දැනුම් දී ඇති අතර, සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වාගෙන යයි.


0 Comments