කතරගම දේවාලයෙන් නොමිලේ පවත්වා ගෙන යනු ලැබු පලතුරු යුෂ බැතිමතුන්ට ලබා දිමේ සමාජ සත්කාර වැඩ යළිත් ආරම්භ කරන බව කතරගම දේවාලයේ වැඩ බලන බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ මහතා පැවසිය.
හිටපු බස්නායක නිලමේ වරයකු වු යසසිරි කස්තුරි ආරචිචි මහතා විසින් 1995 දී දේවාලයට ලැබෙන පලතුරු යන්ත්‍රානුසාරයෙන් මිරිකා බැතිමතුන්ට ලබා දුන් අතර එය නිලංගදැල බණ්ඩාර, ශෂින්ද්‍ර රාජපක්ෂ යන මහතුන්ද අඛණ්ඩ පවත්වා ගෙන පැමිණි අතර පසු ගිය 2015 වර්ෂයේ සිට නැවති තිබුණි. මෙයට අමතරව දිල්රුවන් රාජපක්ෂ මහතා විසින් නව වැඩ සටහනක් අනුව පුජා භූමියේ කැළි කසළ සම්බන්ව ද අදහස් දැක්විය.
මේ වින විට කතරගම පුජා භුමියට පැමිණෙ බැතිමතුන් විසින් තෙල් ඇතුළු පුජා ද්‍රව්‍ය රැගෙන එනු ලබන ප්ලස්ටික් බෝතල්. වීදුරු බෝතල් රැසක් දිනපතා එකතු වන බවත් එම ද්‍රව්‍ය වෙන වෙනම කසළ බදුන් වෙත එකතු කර පුජා භූමියේ කැළි කසළ කළමනා කරණයක් කිරීම සදහා කටයුතු සැලසුම කර ඇති බව වැඩ බලන බස්නායක නිලමේ දිල් රුවන් රාජපක්ෂ මහතා පැවසිය.
වැඩි දුරටක් අදහස් දැක් වු දිල් රුවන් රාජපක්ෂ මහතා පැවසුවේ. කතරගම කිරිවෙහෙර. අභිනවාරාම . හා වැඩසිටිකන්ද මහසෙන් රාජ මහා විහාරයේ විහාරාධිපතින් වහන්සේලාගේ උපදෙස් මත මොනරාගල දිස්ති‍්‍රකයේ දේශපාලන අධිකාරියේ සහායෝගයෙන් හා උපදේශකත්වයෙන් මොනරාගල දිස්ති‍්‍රක් ලේකම් ඞී එස් පත්මා කුළසුරිය මහත්මියගේ අධීක්ෂණයන් යටතේ බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් ලබා දිමට කි‍්‍රයා මාර්ග සකස් කිරීමට සාකච්ඡා කරන බව පැවසු දිල් රුවන් මහාතා පැවසුවේ මේ වන විට කතරගම පුදබිමට පැමිණෙ බැතිමතුන්ට අවශ්‍ය යටිතල් පහසුකතම් ඇත්තේ අඩුවෙන් බවත් සුන්දර මැණික් ගග මේ වනවිට දැඩි පරිසරික හානියකට ලක්වීමත් මැණික් ගග ආරක්ෂිත බැමි සියල්ම කැඩි ගොස් ඇති බැවින් මේ සම්බන්ධව වාරි මාර්ග අංශ ප්‍රධානින් දැනුවත් කර මැණික් ගඟ සුරක්ෂිත කිරීමේ වැඩ සටහනක් මේ වනවිටත් සකස් කළ බව බස්නායක නිලමේ වරයා පැවසිය.
කතරගම සංචාරක
0 Comments