බාබරා බුෂ්ගේ අවසන් කටයුතු අවස්ථාවේ දී මෙලෙනියා ට්‍රම්ප්, ඔබාමලා, ක්ලින්ටන්ලා සහ බුෂ් ලා එක්ව ඡායාරූපයකට පෙනී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔවුන් මෙසේ පොල් මෝස්ගේ කැමරාව ඉදිරියේ පෙනී සිටියේ පසුගිය සෙනසුරා දා හූස්ටන් දේවස්ථානයේ බාබරා බුෂ් වෙනුවෙන් පැවැති දේව මෙහෙයට සහභාගි වීමෙන් අනතුරුවය. එම ඡායාරූපය ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ නිල ට්විටර් ගිණුමේ පළ වීමත් සමඟ ඉතා වේගයෙන් ලොව පුරා ව්‍යාප්ත වී තිබේ.
එහි මිෂෙල් ඔබාමා අසළ මෙලෙනියා ට්‍රම්ප් ද, බරැක් ඔබාමා, හිලරි ක්ලින්ටන්, බිල් ක්ලින්ටන්, ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් සහ ලෝරා බුෂ්, ජ්‍යෙෂඨ ජෝර්ජ් එච්. ඩබ්ලිව් බුෂ් පෙරටු කොට ගෙන සිනා මුසු මුහුණින් සිටියි.
අභාවප්‍රාප්ත බාබරා බුෂ්ගේ අවසන් කටයුතු , ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිය මෙන්ම ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරුන් හා ඔවුන් ගේ බිරින්දෑවරුන් ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
මෙහිදී මෙලෙනියා ට්‍රම්ප් හිටපු ජනාධිපති බරැක් ඔබාමා සමඟ සමීප කතා බහක යෙදී සිටිනු විදෙස් මාධ්‍යයේ වැඩි අවධානයට යොමු වී තිබුණි.
ඩොනල්ඩ් ටුම්ප් මෙම අවස්ථාවට සහභාගි නොවූව ද සජීව රූපවාහිනී විකාශය යමගින් එය නැරඹූ බව පැවසීය. තමන් ඊට සහභාගි වුව හොත් ආරක්ෂාව තර කර අනවශ්‍ය තදබදයක් ඇති වන බැවින් ඊට සහභාගි නොවූ බව පවසන ට්‍රම්ප් තම ට්විටර් ගිණුම හරහා බාබරා බුෂ් වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කර තිබුණි.
මිය යන විට 92 හැවිරිදි වියේ පසු වූ බාබරා බුෂ් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජ්‍යෙෂඨ ජෝර්ජ් බුෂ්ගේ බිරිය මෙන්ම ඇමෙරිකාවේ 43 වැනි ජනාධිපතිවරයා වූ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ මව ද වේ.
බුෂ්- බාබරා යුවළගේ විවාහ දිවියට වසර 73ක් සපිරෙද්දී මෙලොවින් සමු ගත් බාබරා, සිය සැමියා එරට ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරීමට පෙර සිටම ඔහු වෙනුවෙන් කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කළ කාන්තාවක් ලෙස ප්‍රකටය.
0 Comments