Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇවන්ගාඩ් - නාවික ලුතිනන්වරයෙකු අත්අඩංගුවට

ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව හිටපු නාවික හමුදා ලුතිනන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ හිටපු නාවික හමුදා ලුතිනන්වරයෙකු වන සමුද්‍ර නිලුපුල් ද කොස්තා යන අය අද පෙරවරුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඔහු ඇවන්ගාඩ් සමාගමේ මෙහෙයුම් කළමනාකාරවරයා ලෙස කටයුතු කර ඇති බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

සැකකරු අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();