බේරුවල, මස්සල ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසක ඉහළ මහලයේ පුද්ගලයෙකු පිලිස්සුම් තුවාල සහිතව මිය යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් බේරුවල පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
අද(26) දහවල් 01.15ට පමණ පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන සිදු කෙරේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 46ක් පමණ වන මොහොමඩ් තහීර් මොහොමඩ් ඉනාමුල්ලා යන අය වේ. ඔහු වසර 05ක පමණ කාලයක සිට මෙම නිවසේ ඉහල මහලේ කුලී පදනම මත තනිව ජීවත් වූ පුද්ගලයෙකි.
මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්‍ෂණය සිදු කර පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදු කිරීම සදහා මෘත ශරීරය නාගොඩ රෝහල වෙත රැගෙන ගොස් ඇත. බේරුවල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශව සිදු කරනු ලැබේ.


0 Comments