Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අලුත උපන් කුමරා තුරුලු කරගෙන කේට් රෝහලෙන් යයි

එංගලන්තයේ රජ පවුලට එක් වූ නව සාමාජිකයාගේ නම බොහෝ ආතර් විය හැකි බව එරට මාධ්‍ය වාර්තා කරයි. චාර්ල්ස්, විලියම්, ජෝර්ජ් සහ චාලට් කුමර කුමරියන්ට පසු එංගලන්තයේ රජ කිරුළට හිමි කම් කියන්නේ මෙම පුත් කුමරුය. ඔහු ගේ නම මේ වන තුරු ප්‍රසිද්ධ කර නැති නමුත් ආතර්, ඇල්බර්ට්, ෆෙඩ්‍රික්, ජේම්ස් සහ ෆිලිප් යන නම් ඊට ඇතුළත් වනු ඇති බව අනුමාන කෙරේ. ආතර් නාමයට වැඩි අවස්ථාව ඇති බව වාර්තා වේ.

දරු ප්‍රසූතියෙන් පැය කිහිපයකට පසු කේට් කුමරිය පුත් කුමරා ද සමග දෙස් විදෙස් මාධ්‍ය සහ සුබ පතන්නන් ඉදිරියේ පෙනී සිටීමෙන් අනතුරුව රෝහලෙන් නික්ම ගියාය. උපත සිදු වන අවස්ථාවේ කේට් කුමරිය අසල රැඳී සිටි විලියම් කුමරු වහාම ගොස් ජෝර්ජ් කුමරු සහ චාර්ලට් කුමරිය කැටුව නැවත රෝහල වෙත පැමිණියේය.

රැස්ව සිටි පිරිසට විනාඩියෙන් නැවත පැමිණෙන බව පවසමින් ඔහු තම මෝටර් රථය පදවා ‍ගෙන ගොස් ඔවුන් රෝහල වෙත රැ‍ගෙන විත් තිබේ. ඒ අවස්ථාවේ රැස්ව සිටි පිරිස වෙත ආචාර කරමින් චාලට් කුමරිය වඩාත් සතුටුට පත්ව ඇති ආකාරය පෙන්නුම් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

එංගලන්තයේ ශාන්ත ජෝර්ජ් දිනයේ දී උපන් කුමරු සමග පළමු වරට ජනතාව ඉදිරියට පැමිණි කේට් කුමරිය එරට ජාතික ධජයේ ඇති රතු සහ සුදු වර්ණ මිශ්‍ර ගවුමකින් සහ අඩි උස සපත්තු වලින් සැරසී සිටියාය. ඔවුන් ශාන්ත මේරි රෝහලේ ලින්ඩො වින්ග් පෞද්ගලික ප්‍රතිකාර ඒකකය වෙතින් පිටතට පැමිණෙද්දී රැස්ව සිටි පිරිස ජය ඝෝෂා නගමින් සුබ පතන්නට වූහ. කේට් කුමරිය මෙසේ ජනතාව ඉදිරියට පැමිණියේ කුමරු ඉපදී පැය හතක් ගත වීමටත් පෙරය. අප්‍රියෙල් 23 වැනි දා උදෑසන හයට කේට් කුමරිය දරු ප්‍රසූතියේ මූලික අපහසුතා හේතුවෙන් රෝහල් ගත කළ අතර පෙරවරු 11.01 ට නීරෝගි පුත් කුමරකු බිහි කළාය. රෝහල් කාර්ය මණ්ඩලයට ද ස්තූතිය පුද කළ විලියම්- කේට් යුවළ පස්වරු 5. 56 ට ශාන්ත මේරි රෝහලෙන් කෙන්සින්ටන් මාළිගය බලා පිටත්ව ගියේ විලියම් කුමරු විසින් පදවන ලද මෝටර් රථයෙනි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();