Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නවෝත්පාදන බලශක්ති ක්‍රියාවලියට තාක්ෂණික සහාය ලබා දෙනවා

Author(s): 
චමීර ඇල්ලදෙණිය

අඩු පිරිවැය නවෝත්පාදන බලශක්ති ක්‍රියාවලිය සඳහා ‍යොමු විය යුතු බවත් ඊට තාක්ෂණික සහාය ලබාදීමට කටයුතු කරන බවත් ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු බලශක්ති ඒකකයේ අධ්‍යක්ෂ ප්‍රියන්ත විජේතුංග මහතා පැවැසීය.

පරිසර හිතකාමී අයුරින් දුම නැති කාබන් ඩයොක්සයිඩ් නිකුත් කිරීම අවම වශයෙන් පවතින නවෝත්පාදන බලශක්ති ක්‍රියාවලිය හඳුන්වාදීම තුළින් වඩාත් ඵලදායී ලෙස කටයුතු කළ හැකි බව ද විජේතුංග මහතා කීවේය.

ආසියානු සංවර්ධන බැංකුව හා මෙල්බර් ඉංජිනේරු පාසල හා එක්ව ගාල්ලේ දී පැවැති වැඩමුළුවකට එක්වෙමින් එසේ කී ප්‍රියන්ත විජේතුංග මහතා ස්මාර්ඩ් ග්‍රිඩ් තාක්ෂණය ජාතික මට්ටමින් හඳුන්වාදීමට කටයුතු කරන බව පැවැසීය.

කාබන් නිකුත් කිරීම නිසා උෂ්ණත්වය ඉහළ යාම නිසා උෂ්ණත්වය පාලනය කිරීමට රජය තීරණය කර තිබෙන අතර, සූර්ය හා සුළං බලයෙන් බලශක්තිය නිපදවීමට රජය අවධානය යොමු කර ඇත.

වැඩිවන විදුලි ඉල්ලුම කළමනාකරණය කර ගැනීමට ද සුළං හා සූර්ය බලශක්තියෙන් විදුලිය නිපදවීමට කටයුතු කරන අතර, ස්මාර්ට් ග්‍රිඩ් තාක්ෂණය යොදා ගනිමින් අඩු පිරිවැය බලශක්තිය නිපදවීමට වත්මන් රජය කටයුතු කරමින් පවතී.

නව වැඩපිළිවෙළ සමඟින් ජනතාව අතර නව ආකල්ප ඇති කරමින් ස්ම්ර්ට් ග්‍රිඩ් තාක්ෂණය ජාතික මට්ටමින් හඳුන්වා දී සමාජය හා පාරිභෝගිකයා දැනුම්වත් කිරීමට කටයුතු කරන බව ද ප්‍රියන්ත විජේතුංග මහතා කීවේය.

මෙහි දී අදහස් දැක් වූ මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ රෙහානා මොහිදීන් මහත්මිය,

ස්මාර්ට් තාක්ෂණ ක්‍රියාවලිය තුළින් බලශක්ති උත්පාදනය නිසා දුගී බව අඩු කර ගත හැකියි. ඒ සඳහා මෙල්බර් සරසවියෙන් තාක්ෂණ සහාය ලබාදිය හැකියි. මේ වන විට දකුණු ආසියාවේ මෙවැනි ස්මාර්ට් ග්‍රිඩ් තාක්ෂණය හඳුන්වාදීමට අප කටයුතු කරමින් තිබෙනවා. සංවර්ධනය වෙමින් පවතින රටවල් මේ තාක්ෂණය හඳුන්වාදීමේ දී මුහුණු දෙන අභියෝග පිළිබඳ අප සාකච්ඡා කළ යුතුයි.

නවීන බලශක්ති සේවාවන් වෙත යොමුවීම ඵලදායී බලශක්ති උත්පාදනය තුළින් සාර්ථක ප්‍රතිඵල අත් කර ගත හැකියි. බංගලාදේශය, මාලදිවයින, භූතානය, ඉන්දියාව, නේපාලය සහ ශ්‍රී ලංකාව නවොත්පාදන බලශක්ති ක‍්ෂේත්‍රයට පිවිස තිබෙනවා. ඒ සඳහා තාක්ෂණික ජ්‍යෙෂ්ඨයන් අප සමඟ එක්ව තිබෙනවා. දකුණු ආසියාවේ රටවල් මුහුණ දෙන අභියෝගවලට මුහුණදීමට අපට හැකියි. පිරිසිදු බලශක්තිය සඳහා නවතම තාක්ෂණය භාවිත කිරීමට සියලුම රටවල් සවිබල ගැන්විය යුතුයි. ඒ සඳහා ග්‍රාමීය මෙන්ම නාගරික ජනතාව සවිබල ගැන්වීමට අප කටයුතු කළ යුතුයි. තාක්ෂණික සහාය ලබාදීමට අපට හැකියාව තිබෙනවා.

මේ අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුරෙන් බටගොඩ, දකුණු ආසියාතික රටවල බලශක්ති නිලධාරීන්, ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරීන් හා මෙල්බර් සරසවියේ නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();