Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විද්‍යා දැරියගේ සොහොයුරියට ජනපති මැදිහත්වීමෙන් රැකියාවක්

ඝාතනයට ලක් වූ විද්‍යා ශිවලෝගනාදන් දැරියගේ වැඩිමහල් සොහොයුරිය වන යාපනය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක් වන නිෂාන්ති සිවලෝගනාදන් මෙනවිය වෙත සංවර්ධන නිලධාරි පත්වීමක් ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

පසුගිය වසරේදී ජනාධිපතිතුමා වව්නියාවේ සිදුකළ සංචාරයක් අතරතුරදී විද්‍යා දැරියගේ නිවසට ද ගොස් එම පවුලේ අයගේ සුවදුක් විමසූ අවස්ථාවේ ලබාදුන් පොරොන්දුවක් අනුව නිෂාන්ති ශිවලෝගනාදන් මෙනවිය වෙත මෙම පත්වීම ලබාදීමට කටයුතු කර තිබේ. විද්‍යා ශිවලෝගනාදන් පදනමේ උප සභාපතිනි ප්‍රවිණ සිනමා ශිල්පිනී සුවිනීතා වීරසිංහ මහත්මිය සහ විද්‍යා දැරියගේ මව වන සරස්වති ශිවලෝගනාදන් මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ඡායාරූප : නිශංක ද සිල්වා-ජනාධිපති මාධ්‍ය අංශය )

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();