රාජ්‍ය ආදායම් එක්රැස් කිරීම මඟින් සමාජ සේවා සඳහා වන වියදම් සිදු කිරීමට ශ්‍රී ලංකා රජයට හැකිවනු ඇති බවත්, ඒ අනුව රාජ්‍ය ණය ප්‍රමාණය තවදුරටත් අඩුවනු ඇති බවත් ජාත්‍ය්නතර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා පිළිබඳ දූත පිරිසේ ප්‍රධානී මැනුඵලා ගොරෙති මහත්මිය ප්‍රකාශ කරන්නීය.
ඊට අමතරව විනිමය අනුපාතිකයේ නම්‍යශීලිත්වය ඉහළ මට්ටමක පැවැතීම සහ සංචිත ආරක්ෂණ මඟින් විදේශීය අංශයේ කම්පනවලට ඔරොත්තුදීමේ හැකියාව ශක්තිමත් වන බවද ඒ මහත්මිය ප්‍රකාශ කර සිටින්නීය.
වොෂින්ටනයේ හා කොළඹ දී පැවැති වසන්ත සෘතුවේ සාර්ථක සාකච්ඡාවලින් පසුව ශ්‍රී ලංකාව පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය වෙත තම නිරීක්ෂණයන් ඉදිරිපත් කරමින් මැනුඑලා හොරෙති ( Menuela Gorethi) මහත්මිය වැඩිදුරත් මෙසේද කියා සිටින්නීය.
ජා. මු. අරමුදලේ නිලධාරි කණ්ඩායම, තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම මඟින් සහාය ලබන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනෙහි සිවුවන සමාලෝචනය පිළිබඳ ශ්‍රී ලංකා බලධාරීන් සමඟ එකඟතාවකට එළැඹියේය. බලධාරීන් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව සාර්ථකව තවදුරටත් පවත්වාගෙන යෑම සහ ජාත්‍යන්තර සංචිත ශක්තිමත් කිරීම මඟින්, වැඩසටහන යටතේ දෙසැම්බර් මස අවසානය සඳහා පැවති සියලුම ප්‍රමාණාත්මක කාර්යසාධන නිර්ණායක සපුරා ගන්නා ලදී. අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආහාර මිල ගණන් ඉහළ යෑම හමුවේ උද්ධමනය, දෙසැම්බර් මාසය සඳහා වූ ඇතුළත සීමාවෙහි ඉහළම අගය ඉක්මවුව ද, එතැන් සිට නැවතත් ඇතුළත සීමාවට පැමිණ ඇත. ඇතැම් ප්‍රමාදයන් හමුවේ වුවද, සම්පූර්ණ කිරීමට කිරීමට ඇති සියලුම ව්‍යුහාත්මක නිර්ණායක ක්‍රියාත්මක කිරීම සඳහා බලධාරීහු පියවර ගනිමින් සිටිති.
කාලගුණික තත්ත්වය ආශ්‍රිතව ඇති වූ කම්පනවල බලපෑම හේතුවෙන් 2017 වසරේ දී වර්ධනය මන්දගාමී වුවද, පසුව, කෘෂිකර්මාන්තය යථා තත්ත්වයට පත්වෙමින් ආහාර මිල ගණන් පහළ වැටුණු අතර , ආර්ථිකය ද යථා තත්ත්වයට පත් වෙමින් ආහාර මිල ගණන් පහළ වැටුණු අතර, ආර්ථිකය ද යථා තත්ත්වයට පත්වෙමින් පවතී. 2018 වසරේදී ද දේ. නි. යෙහි වර්ධනය සියයට 4.0ක මට්ටමකට පත් වනු ඇති අතර, උද්ධමනය සියයට 5.0ට වඩා අඩුවෙන් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
අපනයන යථා තත්ත්වයට පත් වෙමින් ඇති අතර මෑතදී නිකුත් කළ ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව කෙරෙහි සාර්ථක අදි දායකත්වයක් ලැබුණි. කෙසේ වුවද, රටෙහි රාජ්‍ය ණය තත්ත්වය තවදුරටත් සැලකිය යුතු ඉහළ මට්ටමක පැවතීම, ඉහළ ප්‍රතිමල්‍යන අවශ්‍යතා පැවතීම සහ විදේශ අංශයේ බාහිර ආරක්ෂණ (External Buffers) අඩු මට්ටමක පැවතිම හේතුවෙන් ආර්ථිකය තවදුරටත් අහිතකර කම්පනයක් සඳහා අවදානමක් පෙන්වයි.
ජා. මු. අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මඟින් සහාය ලැබෙන වැඩසටහනකට අනුකූලව ස්වයංක්‍රීය ඉන්ධන මිල නියාමන යාන්ත්‍රණයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබීමට යටත්ව 2018 වසරේ ජුනි මාසයේ දී හතරවන සමාලෝචනය අවසාන කිරීම සඳහා ශ්‍රී ලංකාව කළ ඉල්ලීම විධායක මණ්ඩලය සලකා බලනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම ක්‍රියාමාර්ග 2018 වසරේ දී බලශක්ති මිලකරණ ප්‍රතිසංස්කරණය සම්පූර්ණ කිරීම වෙනුවෙන් ගනු ලබන ප්‍රධාන පියවරක් වනු ඇත තවද, රජය සතු වාණිජ ව්‍යවසායවල පාලනය ශක්තිමත් කිරීමට සහ එමඟින් රාජ්‍ය මූල්‍ය මත ඇති අවදානම අවම කිරීමට අවශ්‍ය ප්‍රයත්න දැරිය යුතු වේ. සමාජයීය ඉලක්ක සපුරා ගැනීමට සහ ණය කළමනාකරණය වැඩිදියුණු කිරීමට, දේශීය ආදායම් පනත සහ 2018 අයවැයෙහි ඇති ආදායම් උත්පාදනය කිරීමේ අනෙකුත් ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතියක් අත්පත් කර ගැනීම අත්‍යවශ්‍ය වේ. උද්ධමනය පීඩනය අඩු කිරීම කෙරෙහි ශ්‍රී ලංකා මහ බැංකුව නිරන්තර විමසිලිමත්භාවයකින් කටයුතු කළ යුතු අතර, අඛණ්ඩව සංචිත ඉහළ නංවා ගැනීමට සහ විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලී බවක් පවත්වා ගැනීමට කටයුතු කළ යුතුය.
ජා.මූ. අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මඟින් සහාය ලැබෙන වැඩසටහන යටතේ ආර්ථිකයට කම්පන මඟින් සිදුවිය හැකි බලපෑම්වලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමට සහ සර්ව සහභාගීත්වයක් සහිත සවිමත් ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීම සඳහා ප්‍රතිසංස්කරණය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම තීර්ණාත්මක වේ. රාජ්‍ය මූල්‍ය නීති (Fiscal Rules) වඩාත් ශක්තිමත් කිරීම සහ රජය සතු වාණිජ ව්‍යවසායවල පාලනය ශක්තිමත් කිරීම හරහා රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව තවදුරටත් ඉදිරියට ගෙන යෑම, මුදල් සහ විනිමය අනුපාතික ප්‍රතිපත්ති රාමුව නවීකරණය කිරීම, විදේශ වෙළඳාම ලිහිල් කිරීම, කාලගුණික බලපෑම් සහ ස්ත්‍රී පුරුෂ අසමානතාව අඩු කිරීම පිණිස වූ අයවැයකරණ ප්‍රතිපත්ති හරහා සර්ව සහභාගිත්වයක් සහිත ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා ප්‍රතිසංස්කරණ වැඩසටහන වේගවත් කිරීම මෙන්ම, වඩාත් හොඳින් ඉලක්කගත සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මඟින් බලධාරීන් සිය ‘ 2025 දැක්ම’ යටතේ වූ අරමුණු ඉදිරියට ගෙන යා යුතුය.


0 Comments