දකුණු කොරියානු ශිල්පීන් උතුරට පැමිණ ඉදිරිපත් කේ-පොප් සාම සංදර්ශනය උතුරු කොරියානු නායකයා ඉතා කැමැත්තෙන් රස විඳි බව එරට රාජ්‍ය ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි. සංදර්ශනයේ අංග එකින් එක අවසානයේ ඔහු විසින් උණුසුම් ප්‍රතිචාර දැක් වූ බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
මේ පිළිබඳව අදහස් දැක් වූ කිම් ජොන්ග්-අන් පවසා ඇත්තේ මෙවන් සංගීතමය හුවමාරු රටක එකමුතු බව පිළිබිඹු කරන බවයි. මීට සහභාගි වූ දකුණු කොරියානු ශිල්පීන් උතුරට පැමිණ ඇත්තේ දශකයකටත් අධික කාලයකට පසුවය. ඔවුන් නැඟෙනහිර ප්යොන්ග්යැන්ග් ග්‍රෑන්ඩ් තියටර්හි සංදර්ශන දෙකක් පවත්වා ඇති අතර එක් සංදර්ශනයක් සඳහා ආසන 1500ක් පනවා ඇත. ඒ සඳහා උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-අන් යුවළ, ඔහුගේ නැගණිය වන කිම් යො-ජොන්ග් ඇතුළු රටේ ප්‍රධාන පෙළේ පරිපාලන නිලධාරින් රැසක් සහභාගි වූහ. සංදර්ශනය අවසානයේ දී කිම් ජොන්ග්- අන් දකුණේ ශිල්පීන් සමඟ ඡායාරූපවලට ද පෙනී සිටීම විශේෂත්වයකි. කෙසේ වුවත් එම සංදර්ශන මාධ්‍ය සංදර්ශනය පවත්වන ලද්දේ දෙරට අතර සබඳතා වර්ධනය කිරීමේ අභිලාෂයෙනි. මීට පෙර දකුණු කොරියාවේ පැවැති සීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා උතුරෙන් කණ්ඩායමක් සහභාගි කළ අතර නුදුරේදීම දෙරටේ නායකයන් අතර හමුවක් පැවැත්වීම දක්වා එම සබඳතා මේ වන විට වර්ධනය වී තිබේ.
0 Comments