Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අමෙරිකා වීසා බලපත් අපේක්ෂකයන්ගේ සමාජමාධ්‍ය ඉතිහාසය සොයා බැලිය යුතුයි

අමෙරිකානු වීසා බලපත් අපේක්ෂකයන්ගේ සමාජ මාධ්‍ය ඉතිහාසය සොයා බැලිය යුතු බවට එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව යෝජනා කරයි. ඒ අනුව වීසා අපේක්ෂකයන්ගේ පස් වසරක මාධ්‍ය අනන්‍යතාව හෙළි කිරීමට ඔවුන්ට සිදු වනු ඇත. ෆේස්බුක් හා ට්විටර් ගිණුම් පිළිබඳ සිය ඉතිහාසය සම්බන්ධ තොරතුරු සැපයීම මෙහිදී සිදු වේ. වසරකට මිලියන 14.7 කට පමණ මේ තත්ත්වයට මුහුණ දීමට සිදු වනු ඇති බව රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. තවද ඉල්ලුම්කරුවන්, ගෙවුණු වසර පහ තුළ තමන් පරිහරණය කරන ලද දුරකථන අංක, ඊමේල් ලිපින මෙන්ම සංචරණ පිළිබඳ තොරතුරු ද කිසියම් රටකින් කෙදිනක හෝ පිටුවහල් කර ඇති දැයි යන්න ද එසේ නැතිනම් සිය කවර හෝ ඥාතියකු ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධවී ඇති දැයි යන්න ද තොරතුරු ලබා දිය යුතුය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();