මහරගම අපේක්ෂා රෝහලේ ස්ථාපිත කළ පෙට් ස්කෑනර් යන්ත්‍රය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ අතින් විවෘත කිරීම පසුගියදා (01) සිදු කෙරිණි. පරිත්‍යාගශීලින්ගේ මුදල් ආධාර මඟින් ලබාගත් මේ යන්ත්‍රය ජර්මනියේ සිට මෙරටට ගෙන් වූ අතර කදීජා පදනමේ සභාපති එම්.එස්.එච්. මොහොමඩ් මහතා මේ සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කළේය. පිළිකා රෝගය ඉතා සියුම් අවස්ථාවේදි මේ යන්ත්‍රය මඟින් හඳුනාගත හැකි අතර මසකට ස්කෑන් පරීක්ෂණ 100 ක වැඩි සංඛ්‍යාවක් සිදු කළ හැකිය. පරිත්‍යාගශීලින්ගේ මුදල් ආධාර යටතේ රුපියල් මිලියන 202 ක විදයමින් යුක්ත මේ පෙට් ස්කෑන් යන්ත්‍රය ගෙන්වීම මොහොමඩ් මහතාගේ පුතුගේ සංකල්පයකට අනුව සිදු කෙරිණි.
0 Comments