Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය රැකගත යුතුයි

Author(s): 
මානෙල් පුෂ්ප කුමාරි

මෙරට සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය විනාශ කර කර්මාන්ත පුරයක් කිරීමට සමහරු උත්සාහ කරන බව වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා ප්‍රකාශ කළේ ය. පොල් අලෙවිය සඳහා ජංගම රථ බෙදා දීම හා වැවිලි සවිය ශ්‍රම බළකාය සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහන පසුගියදා (29) බත්තරමුල්ලේ පිහිටි පොල් වගා කිරීමේ මණ්ඩල පරිශ්‍රයේ දී පැවැත්විණි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මේසේද කියා සිටියේය:

නියගය පොල් මිල ඉහළ යාමට බලපෑවා. නමුත් පාරිභෝගිකයන් අපට දෝෂාරෝපණය කරනවා. මේ කාලගුණික විපර්යාසය පොල් නිෂ්පාදනයට විශාල ප්‍රශ්නයක්. මෙවර ඡන්ද ප්‍රතිඑලයටත් පොල් ගෙඩියේ මිල බලපෑවා. අපි මේවාට මූලික විසඳුම් සොයා ගත යුතුයි. නමුත් මට කාලගුණය වෙනස් කරන්න බැහැ. මේ ක්ෂේත්‍රය දියුණු කිරීමට අවශ්‍ය සම්පත් වැඩි කළ යුතුයි. මම හිතනවා ජූනි මාසයේ සිට පොල් නිෂ්පාදනය යහපත් වෙයි කියලා. අපිට පොල් ගෙඩි මිලියන 3000 ක් පමණ අවශ්‍යයි. ඉන් මිලියන 2700 ක් පමණ මාතෘ භූමියේ පරිභෝජනයට. දීර්ඝ කාලීනව මෙම නිෂ්පාදනය වැඩි කරන්න ඕන. ඒ සඳහා පොල් ක්ෂේත්‍රය තුළ පිහිටුවා ඇති කප්රුක සමිති ශක්තිමත් කිරීම අවශ්‍යයි.

කොල්වින් ආර්.ද සිල්වා මහත්තයා තමයි පොල් මණ්ඩලය ඇති කළේ. අද තාක්ෂණය ඉදිරියට ඇවිල්ලා තියෙනවා. කම්මැලි පුද්ගලයන්ගේ වගාව තමයි පොල් වගාව. බොහෝ අය කොළඹට වෙලා කරන්නේ පොල් ආදායම ලබා ගැනීමයි. පොල් වගාවෙන් උපරිම නිෂ්පාදනයක් ලබා ගැනීමට රාජ්‍ය නිලධාරීන්ගේ ආකල්ප වෙනස් කළ යුතුයි. තේ කර්මාන්තයෙන් වගේ පොල් සහ රබර් වගාවෙන් විශාල ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ආයෝජකයන් ලංකාවට එන්න කැමැතියි. තේ වලට වඩා පොල් වලට විශාල ඉල්ලුමත් තියෙනවා. ඒ නිසා මේවායින් පල ලබන්න රාජ්‍ය ආයතන වෙනස් විය යුතුයි. රාජ්‍ය නිලධාරීන්ගේ ආකල්ප වෙනස් කරගෙන ඉදිරියට යා යුතුයි.ඒකට කණ්ඩායමක් වශයෙන් වැඩ කළ යුතුයි. මම අවශ්‍ය තීරණ ක්ෂණිකව ගන්න කෙනෙක්. එහෙම තමයි ආයතන දියුණු කරන්න පුළුවන් .

මහජනතාවට ගුණාත්මක ආහාර වේලක් දෙන්න බැරි නම් මේ ආයතනවල ඉදලා වැඩක් නැහැ. මගේ පියා , ගාමිණී දිසානායක මහත්තයා හිටියා නම් මේ රට ධාන්‍යාගාරයක් කරලා ඉවරයි. කොළඹ පැලැන්තියේ අයට මේ වැවිලි භෝග වලින් වැඩක් නැහැ. ඒ අයට අවශ්‍ය කර්මාන්ත පුරයක් පමණයි. අපේ රටට වැඩි ආදායමක් ලබා දෙන්නේ මේ වැවිලි භෝග වලින්. මම ඒ අයට කියන්න කැමැතියි ඔස්තාර්ලා අපට අවශ්‍ය නැති බව.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();