Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනවාරි 08 ජයග්‍රහණය තවදුරටත් ඉදිරියට ගෙනයමු

Author(s): 
උපාලි කරුණාරත්න

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ආ විශ්වාස භංගය වෙස්වලා ගත් ආශිර්වාදයක් බවට පත් කරගෙන 2015 ජනවාරි 08 දින ජනතාව බලාපොරොත්තුවූ යහපාලනය වඩාත් සක්‍රීයව පවත්වාෙගන යාමට අවධානය යොමු කළ යුතු බව පළමු පෙරමුණේ කැඳවුම්කරු හිටපු ඇමැති චන්ද්‍රසේන විජේසිංහ මහතා පැවැසීය.

විජේසිංහ මහතා එසේ ප්‍රකාශ කළේ පසුගියදා(02) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට සහහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඇමැතිවරයා-

මෙම විශ්වාස භංගයට ඉඩ ලැබුනෙ යහ පාලනයක් ගොඩ නැගීමට පැමිණි ආණ්ඩුව, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න පැමිණි ආණ්ඩුව, ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩ නැගීමට පැමිණි ආණ්ඩුව අදාළ මාවතෙන් යම් තරමකින් පිට පැනපු නිසයි. යහපාලන මූලධර්ම උල්ලංඝණය කිරීම නිසයි මේ විශ්වාස භංගය ගෙන ආවෙ. මෙම යහ පාලන මූල ධර්ම ක්‍රියාත්මක කළ හැකි පාලන තත්ත්‍රණයක් අප සැකසිය යුතුයි. රජයට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාස භංගයක් ලෙස එක්සත් ජාතික පක්ෂයේ ඇතැමුන් මෙය පෙන්වා දෙන්න උත්සාහ කරනවා. හැබැයි මේක එක්සත් ජාතික පක්ෂයට එල්ල කළ විශ්වාස භංගයක්ද නොවේ. 04දින රාත්‍රීයේ මෙහි ප්‍රතිඵල අපට දැක ගන්න පුළුවන්. නියම ජන මතය 04 දින පාර්ලිමේන්තුවේදී පෙන්නුම් කළ යුතුයි. මෙම නිශ්චිත මොහොතේදී ජනවරම හඳුනන, පාලනයක් ඇති කළ යුතුයි.

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා- යහ පාලනය බිහිවූ දා සිට යම් යම් විවේචන මට තිබෙනවා. යම් කිසි ලෙස නැවත වතාවක් ජනවාරි 08 ජන වරමට යොමු වීමට අද අවස්ථාවක් උදාවී තිබෙනවා. රාජපක්ෂ කඳවුරේ පිරිසද මෙම විශ්වාස භංගය පිළිබඳව කොටස් දෙකකට බෙදිලා . ජනවාරි 08 එකඟ වූ දේ පිළිබඳව නැවත සිතා බැලිය යුතුයි. සතුරන් කැමැති දේ අප නොකෙරිය යුතුයි.

නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා-

විශ්වාස භංගයක් ගෙන ආවා කියා රාජ්‍ය කඩා වැටෙන්නෙ නැහැ. රාජ්‍ය සදාකාලිකයි. ආණ්ඩු තාවකාලිකයි. 19 වන සංශෝධනයෙන් පසු අග්‍රාමාත්‍යවරයාව ඉවත් කරන්න බැහැ කියන ප්‍රචාර සම්බන්ධව විවිධ කරුණු කාරණා තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදය යහ පාලනය සඳහා වූ මධ්‍යස්ථානයේ ලේකම් අකලංක හෙට්ටිආරච්චි මහතා- මෙම විශ්වාස භංගය යම් සීමාවකට පටු කරන්න ඇතැමෙක් උත්සාහ කරනවා. ජනවාරි 08 ජයග්‍රහණය පෙරට ගෙන යාමට මේ විශ්වාස භංගය අවස්ථාවක් කර ගන්න පුළුවන්.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ආ විශ්වාස භංගය පරාජය කරවීමට ඒකාබද්ධ විපක්ෂයට කිසිම අවශ්‍යතාවයක් නොමැති බවද ඒකාබද්ධ විපක්ෂයේ ඉලක්කය ඉදිරි ජනාධිපතිවරණයක් කරා යොමු වීම බවද මෙහිදී පැවැසිණි.

ඡායාරූපය- වාසිත පටබැදිගේ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();