Ticker

6/recent/ticker-posts

Header Ads Widget

උඩවලව ඇත් අතුරු සෙවණේ අලි පැටව් නවයක් මාදුරුඔයට

මානෙල් පුෂ්ප කුමාරි

උඩවලව ඇත් අතුරු සෙවණේ හැදුණු අලි පැටව් නවදෙනකු මාදුරුඔය ජාතික වනෝද්‍යානයට මුදා හැරීම පසුගිය 30 දා තිරසර සංවර්ධන හා වන ජීවී ඇමැති රවීන්ද්‍ර සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මාදුරුඔය වන ජීවී උද්‍යානයේ දී සිදු කළේ ය.

මෙරට විවිධ ප්‍රදේශවල අතරමං වී සිටි අලි පැටවුන් උඩවලව ඇත් අතුරු සෙවණේ රැක බලාගෙන පසුව ඔවුන්ගේ වාස භූමියට මුදා හරී. එවැනි අලි පැටවුන් නව දෙනෙකු පසුගිය දා මුදා හරිනු ලැබීය. මේ කාර්යයට කැපවූ වන ජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අගය කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

වසර 4ක කාලයක් පමණ ඇත් අතුරු සෙවණේ හැදුණු පිරිමි අලි පැටවු 5දෙනෙකු සහ ගැහැණු අලි පැටව් 4දෙනෙකු මෙසේ මුදා හරිණි. මුදා හැරිඅලි පැටවුන්ගේ බෙල්ලේ විශේෂ කර පටියක් සවි කර තිබූ අතර එමඟින් මේ අලි පැටවුන් සැරිසරන දිශාව හඳුනා ගැනීමට පහසුවන බවත් මාස කීපයක් යන තුරු මොවුන් පිළිබඳව පසු විපරම් කරන බවත් ඇත් අතුරු සෙවණ භාර ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරී විජිත පෙරේරා මහතා ප්‍රකාශ කළේ ය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();