අසු පිට යෑමේ මෙන්ම ආදරය කිරීම ද වරදක් ලෙස සලකමින් ජීවිත වලින් වන්දි ගෙවීමට තරම් කුලය නිසා ඇති වන ප්රචණ්ඩත්වය රට පුරා පැතිරී යමින් තිබෙන ප්‍රශ්නයක් බවට පත්ව ඇති බව ඉන්දියාවේ දලිත් ප්‍රජා නායකයෝ පවසති. ඔවුන් පවසන්නේ නිල දත්ත වලට අනුව 2016 වසර තුළ පමණක් පීඩිත කුලවලට අයත් පුද්ගලයන්ට එරෙහි අපරාධ හතළිස් දහසකට අධික බවයි.
SC/ST පනතෙන් ඉන්දියාවේ වෙසෙන දලිත් ප්‍රජාවට එරෙහිව සිදු කරන ඕනෑම වෙනස් කොට සැලකීමක් දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස දක්වා තිබුණ ද එම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු එම නීතිමය බැඳීම නැති වී ඇති බව දලිත් ප්‍රජාව ඉතා කම්පනයට පත්ව ඇති බව ද ඉන්දියාවේ පීඩිත කුල එකතුවෙන් පිහිටුවා ඇති සංවිධානයේ ලේකම් කේ.පී. චෞදරි විදෙස් මාධ්‍ය හමුවේ පැවසීය.
ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවකින් පසු තම කුලයට අයත් පිරිසට නීතියෙන් ලැබෙන ආරක්ෂාව අවම වීම මුල් කොට ගෙන මේ වන විට රට පුරා විරෝධතා ආරම්භ වී ඇත. මෙම විරෝධතා හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා ඇති වී තිබෙන අතර ප්‍රාන්ත කීපයක මහාමාර්ග රැසක් අවහිර වී තිබේ. විරෝධතා හේතුවෙන් 10 දෙනකු මිය ගොස් ඇති බව ද වාර්තා විය.
පන්ජාබ් ප්‍රාන්තයේ සියලු පාසල්, අධ්‍යාපන ආයතන, බැංකු සහ රැකියා ස්ථාන වසා දැමුණු අතර විභාග කල් දැමීමට කටයුතු කර ඇත. එම ප්‍රාන්තය තුළ රාත්‍රී 11 වනතුරු අන්තර්ජාල පහසුකම් අවහිර කර ඇත. කඩු, පොලු, බැට් සහ කොඩි අත දරා ගෙන නගර කීපයක සැරිසරන විරෝධතාකරුවෝ කඩ සාප්පු වසා දැමීමට බල කරමින් සිටිති. ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන සේවා ද ක්‍රියාත්මක නොවීය.
දලිත් වැසියන් ඉන්දියාවේ හින්දු කුල ක්‍රමය තුළ වඩාත් පීඩාවට ලක් වන ජන කොට්ඨාසයකි.
0 Comments