ක්ෂණික දික්කසාදය තහනම් කිරීමේ යෝජනාවට එරෙහිව ඉන්දියාවේ මුස්ලිම් ජාතික කාන්තාවෝ දහස් ගණනක් වීදි බැස ඇති බව වාර්තා වේ. ඔවුන් ප්‍රකාශ කරන්නේ ෂරියා නීතියට වෙනත් මැදිහත්වීම් අවශ්‍ය නැති බවයි.
ක්ෂණික දික්කසාදය ඉන්දියාවේ මුස්ලිම් ජාතිකයින් අතර සිදු වන ප්‍රකට දික්කසාද ක්රමයකි. ඊට අනුව 'තලාක්' යන වචනය තෙවරක් කීමෙන් තම භාර්යාව දික්කසාද කළ හැකිය. නව නීතියක් ගෙන එමින් ඉන්දීය රජය සූදානම් වන්නේ එසේ භාර්යාව දික්කසාද කරන මුස්ලිම් ජාතිකයින්ට දඬුවම් පැමිණවීමටයි . ඒ සඳහා වන කෙටුම්පත පසුගිය දෙසැම්බර් මාසයේදී පහළ මන්ත්‍රී මණ්ඩලය විසින් අනුමත කරනු ලැබීය.
ෂරියා නීතිය යටතේ තමන් ආරක්ෂිත බව පවසන උද්ඝෝෂණයට එක්ව සිටින මුස්ලිම් කාන්තාවෝ ඊට මැදිහත් නොවන ලෙස රජයට බල කර සිටී.
0 Comments