Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අතුරුදන් දියණිය වසර 24කට පසු මවුපියන් හා එක්වීම මුළු චීනයම උත්සවාකාරයෙන් සමරයි

 වසර 24 කට පෙර අතුරුදන් වූ දියණියක නැවත සිය මවුපියන් සමග එක් වීම මුළු චීනයම උත්සවාකාරයෙන් සමරනු ලැබීය. එවකට 03 හැවිරිදි වියේ පසු වූ තම දියණිය මීට විසි හතර වසරකට පෙර අතුරුදන් වූ බවට පළ වු අන්තර්ජාල පුවත චීනය පුරා ඉතා වේගයෙන් පැතිර ගිය අතර එම දියණිය අන්තර්ජාල පුවතක් දැකීමෙන් මේ වසරේ මුල් භාගයේදී සිය පියා සමග දුරකථනයෙන් සම්බන්ධ වී ඇත.

'වන්ග්' සහ ඔහුගේ බිරිය පලතුරු වෙළෙන්දන්වූ අතර, මිට වසර 24 කට පෙර දිනයක පලතුරු විකුණා අවසන් කර බලද්දී තමන් සමඟ සිටි තෙහැවිරිදි දියණිය අතුරුදහන්ව ඇති බව වටහා ගෙන ඇත. වසර ගණනාවක් පුවත්පත්වල සහ අන්තර්ජාලයේ දැන්වීම් පළ කරමින්, තමන් ජීවත් වෙන නගරය හා ඒ ආශ්‍රිත ප්‍රදේශ පුරා ඔවුහු තම දියණිය සොයා ඇත.

තවත් කුඩා දියණියකගේ මවුපියන් වූ වන්ග් යුවළ 'චෙංග්ඩු' නගරය හැරදා නොගියේ තම දියණිය කවදා හෝ නැවත පැමිණෙනු ඇතැයි අපේක්ෂාවෙනි.

මෙම පියා තම දියණිය සෙවීමේ මෙහෙයුම තව දුරටත් පුළුල් කරමින් කුලී රථ රියදුරකු ලෙස ද කටයුතු කර ඇති අතර තම රථයේ මේ විස්තර මුද්‍රණය කර අලවා තැබීමට ද මගීන්ට සිය දියණිය පිළබඳ තොරතුරු ඇතුළත් කාඩ් පතක් ලබා දීමට ද ඔහු කටයුතු කර ඇත.

කෙසේ වුවත් චිත්‍ර ශිල්පියකු විසින් එම දියණියගේ මනංකල්පිත රුවක් නිර්මාණය කර අන්තර්ජාලයට මුදා හැරීමෙන් පසු කිලෝමීටර් දහස් ගණනක් ඈත, රටේ එක් කෙළවරක සිටි කන්ග් යින්ග් එම පියාව අමතා ඇත. ඉන්පසු වහාම DNA පරීක්ෂණයක් යොදාගත් අතර, මෙවර එය සාර්ථක වූයේ දීර්ඝ කාලයක් පුරා සොයන ලද දියණිය වන්ග් පවුලට හිමි වීමෙනි.

ඇය සිය පවුලෙන් වෙන්වූ ආකාරය පිළිබඳ තොරතුරු මෙතෙක් මාධ්‍ය වෙත අනාවරණය කර නොමැති බව චීන මාධ්‍ය වාර්තා කරයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();