කොළඹ ආරක්ෂක සේවා විදුහල් ක්‍රිකට් පිල සහ හෝමාගම මහින්ද රාජපක්ෂ ජාතික පාසල් ක්‍රිකට් පිල අතර පළමු වරට පැවැති ‘නීල - ලෝහිත’මහා ක්‍රිකට් ගැටුමෙන් ලකුණු 141ක දැවැන්ත ජය හිමිකර ගැනීමට මහින්ද රාජපක්ෂ විදුහල සමත් විය.
එස්. එස්. සී. පිටියේ ඊයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ මහින්ද රාජපක්ෂ විදුහල පළමුව පන්දුවට පහරදෙමින් කඩුලු 2ක් දැවී ලකුණු 252ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ආරක්ෂක සේවා විදුහල් කණ්ඩායමට නියමිත ඕවර 45 අවසානයේදී කඩුලු 9ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 111ක් පමණි. කෞෂල්‍ය විතානගේ ලකුණු 40ක් රැස්කරමින් ආරක්ෂක සේවා විදුහල් පිලේ වැඩිම ලකුණුලාභියා විය. පන්දු යැවීමේදී ඔමාවින් ඉන්දීප කඩුලු 3ක් දවාගත් අතර ලලන ලක්ෂිත කඩුලු 2ක් බිඳ දැමීය.
පළමුව පන්දුවට පහරදුන් මහින්ද රාජපක්ෂ විදුහල වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ දුලාජ් පෙරේරා ලකුණු 110ක් රැස්කළ අතර ඔහුට අනගි සහයක් ලබාදුන් සන්දීප් විහාර නොදැවී ලකුණු 76ක් රැස්කිරීමට සමත් විය.
මහින්ද රාජපක්ෂ විදුහල - 252/2 (ඕවර 45) දුලාජ් පෙරේරා 110, සන්දීප් විහාර නොදැවී 76, ඔමාවින් ඉන්දීප 28
ආරක්ෂක විදුහල - 111/9 (ඕවර 45) කෞෂල්‍ය විතානගේ 40, අශේන් ගුරුසිංහ 26 (ඔමාවින් ඉන්දීප 8/3, ලලන ලක්ෂිත 29/2)
ඡායාරූප - සුසන්ත විජේගුණසේකර
0 Comments