Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඩී.එස්. - ධර්මරාජ පරාජිතයන්ගේ සටන අද

Author(s): 
ෆවුස් මොහොමඩ්

අන්තර් පාසල් පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ දෙවැනි කාණ්ඩයේ මෙතෙක් කිසිදු ජයග්‍රහණයක් නොලැබූ කොළඹ ඩී.එස්.සේනානායක විදුහල් පිල සහ මහනුවර ධර්මරාජ විදුහල් පිල සිය පළමු ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් අද (5) පස්වරු 4.30ට වැලිසර නාවික හමුදා පිටියේදී තරගයට එක්වෙයි.

මේ වනවිට තරග 3කට ක්‍රීඩා කර ඇති ඩී.එස්.සේනානායක විදුහල් පිල තරග 3ම පරාජයට පත්වූ අතර ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි තැන රැඳී සිටි. තරග 2කට ක්‍රීඩා කළ ධර්මරාජ විදුහල් පිල ජයග්‍රහණයකින් තොරව ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවෙයි.

මේ තරගයත් සමග සිවුවැනි සතියේ තරග ආරම්භ වන අතර මෙතෙක් පැවැති තරග 3ම ජය ගනිමින් පළමු කොටසේ 'ඒ' කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින කොළඹ රාජකීය විදුහල් පිල සහ මෙතෙක් පැවැති තරග 3ම ජයගෙන 'ඒ' කාණ්ඩයේ දෙවැනි තැන සිටින මරදාන සාන්ත ජෝශප් විදුහල් පිල අතර තීරණාත්මක තරගය හෙට (6) පස්වරු 4.30ට හැව්ලොක්ස් පිටියේදී පැවැත්වෙයි. පළමු කොටසේ 'ඒ' කාණ්ඩයේ සිටින අපරාජිත කණ්ඩායම් ලෙස දෙපිලම මේ තරගයට එක්වන්නේ සිය අපරාජිතභාවය තව දුරටත් රැක ගැනීමේ අරමුණ ඇතිවය.

මේ අතර පළමු කොටසේ 'බී' කාණ්ඩයේ සිටින අපරාජිත කණ්ඩායම් වන සාන්ත පීතර විදුහල් පිල සහ ඉසිපතන විදුහල් පිල අතර තරගය අනිද්දා (7) පස්වරු 4.30ට හැව්ලොක්ස් පිටියේ දී පැවැත්වෙයි. සාන්ත පීතර විදුහල් පිල 'බී' කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින අතර ඉසිපතනය දෙවැනි තැන පසුවෙයි. මෙවර තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු කොටසේ 'බී' කාණ්ඩයේ පෙරමුණ ගන්නා කණ්ඩායම තීරණය කෙරෙන මේ තරගය උණුසුම් මුහුණුවරක් ගනු ඇත.

ත්‍රිත්ව විදුහල් පිල සහ සාන්ත තෝමස් විදුහල් පිල අතර තරගයත් අනිද්දා පස්වරු 4.30ට පල්ලෙකැලේ පිටියේ පැවැත්වෙන අතර එදිනම සහිරා විදුහල් පිල සහ වෙස්ලි විදුහල් පිල අතර තරගය සහිරා විදුහල් පිටියේදී පස්වරු 4.30ට ආරම්භ කෙරේ. පළමු කොටසේ රග්බි තරගාවලියේ සිවුවැනි සතියේ පැවැත්වෙන අනික් තරගය මහනුවර සාන්ත අන්තෝනි විදුහල් පිල සහ කිංග්ස්වුඩ් විදුහල් පිල අතර අනිද්දා පස්වරු 4.30ට නිත්තවෙල පිටියේදී පැවැත්වීමට නියමිතය.

ඡායාරූපය-සමන්ත වීරසිරි

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();