කාන්තා නියෝජනය සියයට විසිපහ වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව පෙනී සිටින බවත්, එහිදී සිදුවන යම් ව්‍යාකූලතා නැති කර ගැනීමට කාන්තාවන් දේශපාලන පොර පිටියට එක්විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
ඒ මහතා එසේ පැවසූවේ පසුගියදා (25) වෝටර්ස් එජ් හෝටලයේ පැවැති පළාත් සභා මැතිවරණ ක්‍රමයේ සිදුවිය යුතු සංශෝධන පිළිබඳ සියලු පාර්ශ්වයන් සමඟ වන සමුළුවේදීය.
මෙය පැෆ්රල් සංවිධානය සහ මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සමඟ ඒකාබද්ධව මැතිවරණ කොමිසන් සභාවේ සහ පළාත් පාලන අමාත්‍යංශයන්ගේද සහයෝගව සහිතව දේශපාලනඥයන්, විද්වතුන් ඇතුළු මැතිවරණ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සියලු පාර්ශ්ව කැඳවා ලංකාවට ගැලපෙන පරිදි නව ක්‍රමයකට පළාත් සභා මැතිවරණය පවත්වන්නේද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමේ අදහසින් සංවිධානය කර තිබුණි.
සමානුපාත ක්‍රමයට ඉදිරි මැතිවණ පවත්වන ලෙස මේ අවස්ථාවට සහභාගීවු බොහෝ දෙනාගේ අදහස වූහ.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් අදහස් දක්වමින්,
යම් සභාවක සියයට විසිපහට වැඩිය කාන්තාවෝ හිටියා වැඩි වුනත් ඔවුන් ඉල්ලා අස්වෙන කොට කාන්තාවෝ විතරයි දාන්න පුළුවන්. කාන්තාවක් අස්වුනොත් කාන්තාවන් දාන්න ඕන කාන්තාවන් ලයිස්තුවේ ඉවරවෙලා තිබෙනවා නම් පිටින් හරි හොයලා දාන්න ඕන. කාන්තා නියෝජනය සියයට විසිපහ වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව දැඩි ලෙස පෙනී සිටිනවා. ඊට වැඩිය පත්කරනවාට අපි කැමැතියි. හැබැයි කාන්තාවන් වැඩිපුරම පත්වීමේ ගැටලුව විසඳා ගැනීමට කළ යුත්තේ කාන්තාවන් තරග භූමියට ඇතුළත් කිරීමයි. ඒගොල්ලන් පිරිමි වගේ අස්පයෝ පිට කඩු අරගෙන තරග භුමියට යන්න ඕන. ඒගොල්ලන් පැත්තක බලන් ඉදලා මැච් එක දිනපුවාම අස්පයෝ පිට යන එක හරියන්නේ නැහැ. ඒගොල්ලොත් සටනට යන්න ඕන. මේක කරේ නැත්නම් කාන්තා නියෝජනය අනවශ්‍යයි කියා දේශපාලනඥයන් කියන්න පුළුවන්. එම නිසා මම ඉල්ලා සිටිනවා ඒ සියයට විසිපහ තරග කිරීමට ඇතුළත්වීම අත්‍යවශ්‍යයි කියා. ඒ නිසාම මම ඉල්ලා සිටිනවා ප්‍රතිපත්ති සම්පාදකයන් ඇතුළු සියලු දෙනාගෙන්ම ඒ සියයට විසිපහ තරග කිරීමට අත්‍යවශයෙන්ම ඇතුළත් විය යුතුයි කියා. මම ස්තුතිවන්ත වනවා එක් දේශාපාලන පක්ෂයක ලේකම් වරයෙක් හය දෙනාම කාන්තාවන් පත් කරන්න වුනාම හයදෙනාම කාන්තාවන් පත් කර තිබුණා. සමහර පක්ෂ නම් මේක සිර කරගෙන සිටියා මේක මේගොල්ලන් වෙනස් කරයිද, ඉඩදෙයිද ,වැරැදිලා යයිද කියලා. අපි කාන්තා නියෝජනයේ ප්‍රශ්න විසැඳුවේ එහෙම. අනිත් ප්‍රශ්නය පැරණි ඡන්ද ක්‍රමයයි ලෝකල් ගවමන්ට් පසුගිය ඡන්දයයි යෝජිත ප්‍රොවින්සියල් කවුන්සිල් එකයි, ඒකමයි. කිසිම වෙනසක් නැහැ. ඡන්ද වල අනුපාතයට තමයි ආසන හිමිවෙලා තිබෙන්නේ. පාරාජිතයන් ඇතුළට යාම දිනන අය ඇතුළට යාම පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. 2012 ලයිස්තුවෙන් විතරයි පරාජිතයන්ට යන්න පුළුවන්කම තිබුණේ. එතකොට ලයිස්තුවේ අය අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙනවා අරගොල්ලන් පරාජයට පත්වීම ගැන. කවුරුවත් අමාරු සීට් වලට ඉල්ලන්න යන්නේ නැහැ. සිය දිවි නසාගන්න වෙනවා කියලා. ඒගොල්ලන් කැමැතියි ලයිස්තුවේ ඉන්න. මොකද ලයිස්තුවේ හිටියොත් අපිට ඇතුළට යා හැකියි. නමුත් මේ ක්‍රමයෙන් කැමැතිනම් පරාජිත අයටත් යන්න පුළුවන් ලයිස්තුවටත් යන්න පුළුවන්.හැබැයි 2015 මැයි මාසේ හදපු විසි වෙනි සංශෝධනයේ තිබුනේ උපරිම දාන්න පුළුවන් පරාජිත අයගෙන් සියයට පනහක් කියලා. අපි ඡන්දය දෙනකොට මනාප අපේ ලයිස්තුවෙන් පත්වෙන්නේ මෙන්න මේ අය මේ ක්‍රමයට කියලා දැනගෙන දෙන්නේ. දැන් තිබෙන ගැටලුව ඒකයි අපි දන්නේ නැහැ.අපිට එනවා ලියුම් මම තමයි අපේ කොට්ඨාසයෙන් වැඩිපුර ප්‍රතිශතය ගත්තේ නමුත් අපි පත් කරේ නැහැ කියල. අන්තිම ප්‍රතිශතය ගත්තු එක්කෙනා පත් කරා කියාල හැමදාම බැනලා ලිවුම් එවනව.අපි යවන උත්තරේ ඔබගේ ලියුම ලැබුනා පවත්නා ක්‍රමය යටතේ කිසිවක් කළ නොහැකි වීම පිළිබඳ කනගාටුවෙමි. දිනපු කෙනාට සභාපති ධුරය එන්නේ නැහැ. මරා ගන්නවා ඔය ක්‍රමය 1969ත් ඉතාම හොඳය මේ වගේ නෙමෙයි හොඳ රටක් තිබුණා කියපු කාලයෙත් අපේ ගමේ ඡන්දෙන් ටොස් එකෙන් තමයි සභාපතිකම දුන්නේ. එයා අවුරුදු තුනම දුන්නේ තීරක ඡන්දයෙන් සභාපතිවරයා ලෙස. ඒ කාලයෙත් අනිත් පැත්තෙන් දිනපු කෙනා උස්සන කෙනා දිනන උස්සන ක්‍රමය තිබුණා. ඒ නිසා මේ ලෝකේ මේ ඇතිවෙච්ච ක්‍රමය අලුත් ක්‍රමයක් නෙමෙයි. ඉතාම හොඳින් පෙන්නුවා වැරදි ක්‍රමය නැවැත්විය යුතුයි කිය. එය නැවැත්වීමේ ක්‍රමය කාටද යන්නේ අපිට ඔබට මාධ්‍යවලට මහජනතාවට, සල්ලි දීපු කෙනාටයි ගත්ත කෙනාටයි දෙන්නටම ඇයි අපිට නඩු දාන්න බැරි.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය (පැෆ්රල්) විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා..
ඉදිරි මැතිවරණ කඩිනමින් පැවැත්විය යුතුයි.පළාත් සභා තුනක නිල කාලය අවසන්වී මාස කිහිපයක් ගතවී තිබෙනවා. මේ වසරේ සැපැතැම්බර් මාසය වන විට තවත් පළාත් සභා තුනක නිල කාලය අවසන්ව මාස කිහිපයක් ගතවී තිබෙනවා. රටක මැතිවරණ කියන්නේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. ජනතාවට තමන්ගේ පාලකයා තෝරා පත් කර ගැනීමට තිබෙන අයිතිය. ඒ නිසා කිසිම හේතුවක් මත යම් රටක මැතිවරණයක් කල් ගත වෙනවා නම් කල් දැමීමට ලක්වෙනවා නම් එය ප්‍රජාතන්ත්‍රවාදයට ඒ වගේම ජනතාවගේ පාලකයා පත් කර ගැනීමට තිබෙන අයිතියට කරන පහර ගැහිමක් නැතිනම් ඔවුන්ගේ අයිතිය පැහැර ගැනීමක්. ඒ නිසා අනිවාර්යයෙන්ම මැතිවරණය කල් තැබීමෙන් තොරව පැවැත්විය යුතුයි. පාලකයාගේ වගකීම තමයි මේ සම්බන්ධයෙන් ගැටලු බාධක තිබෙනවානම් ඒවා හඳුනාගෙන ඒවා සඳහා කඩිනම් විසැඳුම් ලබාදීම තමයි පාලකයන්ගේ වගකීම. අද අපි සියලු දෙනා දරන උත්සහායත් ඒකමයි. බලාපොරොත්තු වන්නේ මේ වන විට නව මැතිවරණ පනතක් සම්මතවී තිබෙනවා. ඒ අනුව තමයි මැතිවරණය නීත්‍යානුකූලව පැවැත්වීමට නියමිතව තිබෙන්නේ. නමුත් විවිධ ඒ සම්බන්ධව විවිධ චෝදනා රටපුරා මතුවෙමින් පවතිනවා. පෙර පවැති සමානුපාතික ක්‍රමයට මනාප යායුතුයි කියා මතයක් පල වෙනවා. ඒ වගේම තිබෙන ක්‍රමයේ අඩුපාඩු පළාත් පාලන මැතිවරණයත් සමඟ මතුවෙලා තිබෙනවා. ඒ නිසා මේවා නිවැරැදි කර ගැනීම සඳහා සිවිල් සංවිධානයක් හැටියට මැතිවරණයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් අද එකතු කරලා ඔවුන්ගේ අදහස් එකතු කරගෙන ඉතාම කඩිනමින් මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය පහසුව සැලසීමයි මේ සාකච්ඡාවේ අරමුණ වන්නේ. මෙහිදී අප බලාපොරොත්තු වනවා සියලුම දේශපාලන පක්ෂවල විද්වතුන්ගේ අදහස් එකතු කර ඒ සඳහා කමිටුවක් පත් කර කඩිනමින් මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය පහසුව සහ විවිධ කෝණවලින් මැතිවරණ ක්‍රම පිළිබඳ විග්‍රහ කර ව්‍යවස්ථාදායකයට සුදුසුම ක්‍රමය තීරණය කර අවශ්‍ය පහසුව සැලසීම තමයි අපේ බලාපොරොත්තුව වන්නේ.
මේ අවස්ථාවට පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්, පළාත් පාලන ආයතන මැති ඇමැතිවරුන්, පැෆ්රල් සංවිධානය සහ මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය ,මැතිවරණ කොමිෂන් සභාවේ සහ පළාත් පාලන අමාත්‍යංශයන්හි උසස් නිලධාරීන්,USAID ආයතනයේ උසස් නිලධාරීන්, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සුදන්ත ලියනගේ, ලර්න් ඒෂියා හි ආචාර්ය සුජාතා ගමගේ, ජාතික සීමා නීර්ණය කොමිසන් සභාවේ සභාපති ආචාර්ය කේ. නවලිංගම් යන මහත්ම මහත්මීන් සහ මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ පාර්ශ්වකරුවන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
රක්ෂණ ශ්‍රියන්ත සහ චන්දිමා ගුණරත්න
ඡායාරූපය හිරන්ත ගුණතිලක


0 Comments