මොරගහකන්ද- කළුගග වාරි ව්‍යාපෘතියේ ස්ථාපිත කර ඇති විදුලි ජනක මධ්‍යස්ථානය මගින් මේ වනවිට නිපදවා ජාතික විදුලි බල පද්ධතියට එක් කර ඇති විදුලිය මගින් උපයා ඇති ආදායම රුපියල් ලක්ෂ 900 ක් බැව් ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරී ජී.ජී.දයානන්ද මහතා පවසයි.
මෙම බලාගාරය මගින් වාර්ෂිකව රුපියල් මිලියන 154 ක වටිනාකමකින් යුතු විදුලිය උත්පාදනය කිරීමට සැලසුම් කර තිබේ.
මෙම ජලාශයෙන් ජලය නිකුත් කිරීමත් සමගම රජරට කලාපයේ කුඹුරු අක්කර 80,000 ක ප්‍රමාණයක් යල මහ දෙකන්නයේම සාර්ථක ලෙස වගාකිරීමට හැකිව තිබේ.
කවුඩුල්ල, ගිරිතලේ, මින්නේරිය, කන්තලේ යන වැව් සදහා මොරගහකන්ද ජලාශයෙන් ජලය නිකුත්කිරීම හේතුකොටගෙන එම වැව් මේ වනවිට පිරී තිබේ.
මොරගහකන්ද ජලාශයේ ජල ධාරිතාවය අක්කර අඩි 460,000 ක් පමණ වන අතර, මේ වනවිට අක්කර අඩි 330,000ක පමණ ජල ධාරිතාවයක් පවතින බව ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩී.බී.විජයරත්න මහතා පවසයි.
මේ වනවිට පාසල් සිසුන් ලක්ෂ හතරක් පමණ මෙම ජලාශය නැරැඹීම සදහා පැමිණ ඇති බවත්, විශේෂයෙන්ම ඉරිදා දිනයන්හිදි දෙදහසකට ආසන්න පාසල් සිසුන් පිරිසක් පැමිණෙන බවත්, එසේ පැමිණෙන සියලු දෙනාටම ව්‍යාපෘතිය පිළිබද අවබෝධයක් ලබාදිමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කෙරෙන බවත් මහජන සම්බන්ධතා නිලධාරිවරයා පවසයි.
මොරගහකන්ද ජලාශයේ සිට මහනකදරාව ජලාශය දක්වා ජලය ගෙන යන ඇල මාර්ගයේ ඉදිකිරීම් කටයුතුද මේ වනවිට ආරම්භවී තිබෙන අකර ඇමෙරිකානු ඩොලර් මිලියන 450 ක වියදමකින් ඉදිකෙරෙන මෙම ඇල මාර්ගයේ දිග කිලෝ මීටර් 94කි.
එම්.ඒ.ආර්. මනුකුලසූරිය- හිරියාල සමුහ


0 Comments