Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කැනඩාවේ ටොරොන්ටෝ අනතුරින් මිය ගිය ශ්‍රී ලාංකික කත

Author(s): 
ඉංගිරිය විශේෂ කේ.ටී.ඩී දර්ශන

කැනඩාවේ ටොරොන්ටෝ ප්‍රදේශයේ පසුගියදා සිදුවූ අනතුරින් මිය ගිය රේණුකා බ්‍රියට්‍රිස් අමරසිංහ යන අය හොරණ උඩුවේ පංදිචිකාරියකි. ඇය මීට වසර විසි තුනකට පමණ පෙරාතුවදී විදේශ ගතව ඇත. එක් දරු මවක් වන ඇය මිය යන අවස්ථාව වන විට ඇයට වයස අවුරුදු හතළිස් හයේ සීමාවේය .දරුවා කුඩා අවදියේම සිය ස්වාමි පුරුෂයා ඇය හා දරුවා අත් හැර දමා ගොස් ඇති අතර දරුවා සමඟ ඇය තනිව කැනඩාවේ ජීවත්ව ඇත. මේ වන විට ඇගේ දරුවාගේ වයස අවුරුදු හතකි. මිය ගිය රේණුකා බ්‍රියට්‍රිස් අමරසිංහට සහ ඇගේ දරුවාට කැනඩාවේ පුරවැසිභාවය හිමිව තිබේ.සිද්ධිය වන අවස්ථාවේ ඇය සිය දරුවාව පාසලින් රැගෙන ඒමට යමින් සිට ඇති බව වාර්තා වේ. පසුගිය අලුත් අවුරුදු සමයේ මෙරටට පැමිණ ඇති ඇය අලුත් අවුරුදු චාරිත්‍ර නිමවා සිය ඥාති හිත මිතුරන්ද බැහැ දැක පසුව යළි ශ්‍රී ලංකාවෙන් පිටත්ව කැනඩාව වෙත ගොස් ඇත්තේ පසුගිය අප්‍රේල් මස දහ හත්වන දිනයි.

ඇයගේ පවුලේ ඇයට වැඩිමහල් සොහොයුරෙකු සහ බාල නැගනියක සිටින අතර දැනට මහ ගෙදර වන කිඳෙල්පිටිය , උඩුව ,හොරණ ලිපිනයේ ඇති නිවසෙහි පදිංචිව සිටින්නේ හේමන්ත අමරසිංහ නමැති ඇගේ සොහොයුරායි.ඇයගේ මව සහ පුෂ්පා අමරසිංහ නමැති නැගනිය හොරණ ගෝනපල කුඹුක පෙදෙසෙහි පදිංචිව සිටී.සිය දියණියට සහ සොහොයුරියට හදිසියේ අත්වූ මේ කනගාටු දායක ඉරණමෙන් ඔවුන් දැඩි සංවේගයට සහ කම්පනයට පත්ව සිටිති.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();