Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීමේ සැත්කමක් කොළඹ ජාතික රෝහලේදී සාර්ථකව කරයි

Author(s): 
ප්‍රසාද් පූර්ණමාල්

ශ්‍රී ලංකා වෛද්‍ය ක්ෂේත්‍රයට නව අත්දැකීමක් එක් කරමින් නවීන තාක්ෂණය භාවිතා කරමින් (26)ඊයේ කොළඹ ජාතික රෝහලේදී , තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීමේ සැත්කමක් (3D Trans Oral Endoscopic Thyroidectomy) ඉතා සාර්ථක ලෙස සිදු කරන ලදී .

මේ සැත්කම සදහා ත්‍රිමාණ කැමරා (3D Einstein Version) භාවිතා කරන ලද අතර එමගින් බාහිර කැපුම් වලින් තොරව තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කරන ලදී .

ජාතික රෝහලේ උගුර ,කණ නාසය පිළිබද ඒකකයේ වීශේෂඥ වෛද්‍ය රිස්වි සකාෆ් මහතා ප්‍රධාන වෛද්‍ය කණඩායමක් මේ සැත්කම සාර්ථකව සිදු කරන ලදී .

බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහොමඩ් ෆායිස් (42 ) මේ සැත්කමට භාජනය වූ තැනැත්තාය.

මේ සැත්කමේ සාර්ථකත්වය සලකුණු කරමින් සැත්කමට භාජනය වූ පුද්ගලයා පැය භාගයක් ඇතුළත තම කට හඩ අවදි කරමින් සිනාමුසු මුහුණින් වෛද්‍ය වරුන් සමග කතා කර ඇති බවද වාර්තා විණි.

ත්‍රිමාණ කැමරා භාවිතා කරමින් මෙවැනි ආකාරයෙන් සැත්කමක් ශ්‍රී ලංකාවේ සිදුකළ ප්‍රථම අවස්ථාව මෙය බව මේ සැත්කම සිදුකල කණ්ඩායමේ නායක වීශේෂඥ වෛද්‍ය රිස්වි සකාෆ් මහතා රැස ට පැවැසිය.

මේ සැත්කමේ ඇති සුවිශේෂත්වය වනුයේ කිසිම කැපුමකින් තොරව මේ සැත්කම සිදු කිරීමයි .ඒ හේතුවෙන් කිසිදු කැළලක් ශරීරයට සිදු නොවේ .මිට අමතරව අඩු අවදානමකින් මේ සැත්කම සිදු කිරීම හා රෝගියා ඉක්මනින් ප්‍රකෘති තත්වයට පත් වීමද සුවිශේෂී වේ .

මේ ආකාරයේ සැත්කම් බහුලව සිදු නොකිරීමට මුලික හේතුව වන්නේ අවශ්‍ය නව තාක්ෂණ උපකරණ වල හිගයත් එම උපකරණ භාවිතය පිළිබද අඩු දැනුම බව. ජාතික මුලික රෝහලේ උගුර ,කන ,නාසය පිළිබද වීශේෂඥ වෛද්‍ය රිස්නි සකාෆ් මහතා පැවැසිය .

ඊයේ පස්වරු හතර පමණ වන විට රෝගියා ගේ තත්ත්වය ඉතා යහපත් බවද වීශේෂඥ වෛද්‍ය රිස්වි සකාෆ් මහතා වැඩිදුරටත් පැවැසිය.

පසුගිය පෙබරවාරි අට වන දින කුලියාපිටිය රෝහලේදී බාහිර කැපුමකින් තොරව තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීමේ සැත්කමක් සිදු කරන ලද නමුත් එහිදී ත්‍රිමාණ කැමරා නව තාක්ෂණිය උපකරණ භාවිතා කිරීමක් සිදු නොකරන ලදී .

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();