බැඳුම්කර වංචාව සම්බන්ධ සිද්ධියේ සැකකරුවකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා උදර්පන නිතිය යටතේ මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය ලේඛණ සකස් කිරිමට නඩු වාර්තාවේ සහතික පිටපතක් රහස් පොලිසියට ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (26) නියෝග කළාය.
අධිකරණය විසින් නිකුත් කළ විවෘත වරෙන්තුවට අනුව ජාත්‍යන්තර සම්බන්ධීකරණ කාර්යාලය (ඉන්ටර්පෝල්) හරහා ජාත්‍යන්තර පොලිසිය බලාත්මක රටවල් 192ක තුළ රතු නිවේදනයක් නිකුත් කර ඇති බවත් සැකකරු මේ රටවල් වල සිටී නම් උදර්පනය කරවා ගැනිමට අවශ්‍ය වාර්තා සකස් කිරිමට නඩු වාර්තාවේ සත්‍ය පිටපතක් ගාස්තු රහිතව රහස් පොලසියට මුදා හරින ලෙසටත් නිතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය විසින් සිදු කරන ලද ඉල්ලීමට මහේස්ත්‍රාත්වරිය මෙලෙස අවසර ලබා දුන්නාය.
එමෙන්ම මේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන් ලබන ( 10) වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන කරන ලෙස ටද මහේස්ත්‍රාත්වරිය නියෝගයක් නිකුත් කළාය.
මේ සිද්ධියට අදාළ තුන්වන සැකකරු ලෙස නම් කර ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම සම්බන්ධයෙන් අධීකරණයේ පෙනි සිටීමට නඩුවේ දෙවන සැකකරු වන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධයක්ෂක අර්ජුන් ඇලෝසියස් මහතාට අවසර ලබා දෙන ලෙසට ජනාධිපති නිතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධීකරණයෙන් ඉල්ලීමක් සිදු කළ අතර ඒ සම්බන්ධයෙන් ලිඛීතව කරුණූ දැක්වීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා සිටි අතර එම කරුණූ දැක්වීමට වෙනුවෙන් නැවත කරුණු දැක්වීමට පැමිණිල්ල වෙනුවෙන් පෙනි සිටි නිතිපති දෙපාර්තමේන්තුවද ඉල්ලීමක් සිදු කළ අතර එම ඉල්ලීම් ඉදිරි දිනයක සිදු කිරිමට මහේස්ත්‍රාත්වරිය අවසර ලබා දුන්නාය.
ඊට අමතරව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ආදායම් වියදම් සහ වත්කම් බැරකම් පිළිබඳව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇති ලෙඛණ පිළිබඳ විස්තරයක් ලබා දෙන ලෙසට නිතිපති දෙපාර්තමේන්තුව අධීකරණයෙන් ඉල්ලා සිටි අතර එම කාරණය වෙනුවෙන් කරුණු දැක්වීමට විත්තිය වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නිතිඥවරයාද අවසර ඉල්ලා සිටියේය.
එම දෙපාර්ශවයම ඉදිරිපත් කළ කාරණා සම්න්ධයෙන් මෙන්ම දේශීය අදායම් පනත් කෙටුම්පත ඇතුලු පනත් මෙන්ම නිතිය පරිශීලනය කරගනිමන් ඉදිරි දිනට නියෝගයක් සිදු කරන බව මහේස්ත්‍රාත්වරිය දන්වා සිටියාය.
2018.0315 දින මේ සමාගම සහ විත්තිකරුවන් සිදු කළ දුරකතන සංවාද පිළිබඳ විස්තර ලබා දෙන ලෙස අධිකරණය සිදු කළ නියෝගයට අනුව ටෙලිකොම් සමාගම ඇතැම් දුරකතන වාර්තා ලබා දි ඇති බවටත් ඇතැම් වාර්තා තාක්ෂණික හේතුන් මත ලබා දීමට නොහැකි බව දන්වා ඇති බවත් නිතිපති දෙපාර්තමේන්තුව කියා සිටි අතර ලබා දී නැති තොරතුරු සම්බන්ධයෙන් වෙනයම් ආකාරයෙන් තොරතුරු ලබා ගැනිමට රහස් පොලිසිය විමර්ශණ සිදු කරන බවත් නිතිපති දෙපාර්තමේන්තුව කරුණු දක්වමින් කියා සිටි අතර ඩයලොග් මොබිටෙල් එටිසලාට් ඇතුලු අනෙකුත් දුරකතන සමාගම් දුරකතන දත්ත ලබා දුන්නද කෙටි පණිවිඩි සම්බන්ධයෙන් තොරතුරු ලබා දීන නැති බවත් කියා සිටියේය.
මේ සිද්ධියට අදාළ රක්ෂිතභාරයේ සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් සහ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන යන අයගෙන් ප්‍රකාශ ලබා ගෙන අවසන් නැති බවත් මේ වන තෙක් ලබා ගත් ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් අධිකරණයට කියා සිටි නිතිපති දෙපාර්තමේන්තුව ඉදිරියේදී ප්‍රකාශ සටහන් කර ගැනිමට අවශ්‍ය නම් අධිකරණයට දන්වා සිටින බව නිතිපති දොපර්තමේන්තුව අධිකරණයට කියා සිටි අතර එම සමාගමේ වත්කම් බැරකම් ලබා දෙන ලෙසට ලබා දුන් අධිකරණ නියෝගයට අනුව මේ වන තෙක් එම වාර්තා ලබා දී නැති බවද කියා සිටියේය.
පී ටී එල් සමාගමේ ලේකම්වරයා ලෙස කටයුතු කළ සමාගම ඉල්ලා සිටි වාර්තා ලබා දීමට යම් කිසි කාලයක් අවශ්‍ය බව රහස් පොලිසියට දන්වා ඇති බවත් එහි ගිණුම් සකස් කළ ප්‍රෙස්ටන් එම් එන් එස් සමාගම සමාගම විගණන වාර්තා ඉකුත් 18 වනදා රහස් පොලිසියට ලබා දී ඇති බවත් අධිකරණයට කියා සිටි නිතිපති දෙපාර්තමේන්තුව එම ලේඛණ විමර්ශන සඳහා රහස් පොලිසිය භාරයේ ඇති බවත් විමර්ශණ සිදු කරන බවත් නිතිපති දොපර්තමේන්තුව අධීකරණයට කියා සිටියේය.
මේ සිද්ධීය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශණ සඳහා එම සමාගමට සම්බන්ධ සමාගමක් වන ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගමේ පී ටී එල් සමාගම සිදු කළ ආයෝජනයන් සම්බන්ධයෙන් නිතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් සිදු කළ අතර 2018.03.20 වනදා අධිකරණය සිදු කළ නියෝගයට අනුව එම ඉල්ලීම වෙනත් ආකාරයකින් ඉදිරි දිනයක සිදු කරන බව අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මෙනවිය අධීකරණයට කියා සිටියාය.
සැකකරුවන් දෙදෙනා ට ඇප ලබා දෙන ලෙස සිදු කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කළ පසුව මහාධීකරණයෙන් ඇප ඉල්ලීමක් සිදු කළ බවත් එය නිශ්ප්‍රභා වූ බවත් පසුව අභියාචනාධිකරණයේ ඇප ප්‍රතිශෝධන පෙත්සම් දෙකක් ඉදිරිපත් කර ඇති බවටත් අධීකරණයට කියා සිටි ජයසුන්දර මහත්මිය එය ලබන 18 වනදා අභීයාචනාධිකරණයේ කැඳවීමට නියමිත බවත් අධිකරණය දැනුවත් කිරිම පිණීස කියා සිටියාය.
සිද්ධියට අදාළ නඩු වාර්තාව ගාස්තු රහිතව රහස් පොලිසියට මුදා හරින ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළ අතර විත්තිය නඩු වාර්තාව ලබා දෙන ලෙස සිදු කළ ඉල්ලීම මෝසමක් මගින් සිදු කරන ලෙසට නියෝග කළාය.
මේ සිද්ධියට අදාළව නිතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර,රජයේ ජ්‍යේෂඨ අධීනිතිඥ ලක්මිණී ගිරිහාගම,චතුරි විජේසූරිය,රහස් පොලිසියේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියසෙන් අම්පාවිල කාන්තා පොලිස් පරීක්ෂිකා ධර්මලතා,උප පොලිස් පරීක්ෂක ජයවීර යන මහත්වුරන් අධිකරණයේ පෙනි සිටියේය.
විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නිතිඥ කාලිග ඉන්දතිස්ස ජ්‍යේෂ්ඨ නිතිඥ ජීවන්ත ජයතිලක මහත්වරුන් ඇතුලු නිතිඥ මඩුල්ලක් පෙනි සිටියේය.
බව නිතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.


0 Comments