සිය පළමු රාජ්‍ය සංචාරය ආරම්භ කරමින් ඇමෙරිකා එක්සත් ජනපදයට පැමිණි ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සහ බිරිඳ, ඩොනල්ඩ් ට්‍රම්ප් යුවළ විසින් ඉතා සුහදව පිළි ගනු ලැබූ අතර රාජ්‍ය නායකයන් දෙදෙනා විසින් ඒකාබද්ධ මාධ්‍ය හමුවක් ද පවත්වනු ලැබීය. එහිදී අදහස් දැක්වූ ට්‍රම්ප්- මැක්‍රොන් දෙපළ ප්‍රකාශ කළේ ඉරාන න්‍යෂඨික වැඩසටහන සම්බන්ධයෙන් නව එකඟතාවකට එළැඹෙන බවයි.
සිරියාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු සැපයූ ට්‍රම්ප් සිරියාවෙන් පිටවීමට වඩාත් කැමති බව පැවසීය. තම රටේ වීර සෙබළුන් නැවත ගෙන්වා ගැනීමට කැමති බවත් ඔවුන් විශිෂ්ට සේවයක් සිදු කළ බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
ප්‍රංශ ජනාධිපති යුවළගේ පළමු රාජ්‍ය සංචාරය ඔවුන්ට අමතක නොවන සිහිවටනයක් කිරීමට වඩාත් වෙහෙස වූයේ ඇමෙරිකා ජනාධිපති ආර්යාව බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. ඔවුන් වෙනුවෙන් ධවල මන්දිරයේ පැවැති රාත්‍රී භෝජන සංග්‍රහය සංවිධානය කරන ලද්දේ ඇයගේ උපදෙස් පරිදිය. කෙනඩි මධ්‍යස්ථානයෙන් වොෂින්ටන් ජාතික ඔපෙරා කණ්ඩායම යොදවා එහි විනෝදාස්වාදය ලබා දීමට ඇය කටයුතු කර තිබුණි. එසේම ආහාර පාන පිළිබඳව ද මෙලෙනියා ට්‍රම්ප් ගේ පෞද්ගලික අවධානය යොමු වූ බව වාර්තා වේ.
රාත්‍රි භෝජන සංග්‍රහය සඳහා එක් වූ අාරාධිතයන් පිළිගත් ට්‍රම්ප් තම භාර්යාව ගේ මැදිහත් වීම ඇගයීමට ලක් කිරීමට ද අමතක නොකළ බව මාධ්‍ය සඳහන් කරයි.
ප්‍රංශ රාජ්‍ය නායකයා ගේ ඇමෙරිකා සංචාරය නිල සංචාරයකට වඩා හෘදයාංගම බවක් පෙන්නුම් කරන බව ප්‍රංශ පුවත් පවා වාර්තා කර තිබිණි.


0 Comments