Ticker

6/recent/ticker-posts

Header Ads Widget

එස්ටීඑෆ් වැටලීම්වලින් ලක්ෂ හාරදහස් හයසියයක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට

විජයානි එදිරිසිංහ සහ මහින්ද අලුත්ගෙදර

පොලිස් විශේෂ කාර්ය බළකාය පසුගිය වසර තුන තුළ මත්ද්‍රව්‍ය හා සම්බන්ධ වැටලීම්වලින් රුපියල් ලක්ෂ හාරදහස් හයසියයකට වැඩි වටිනාකමකින් යුත් හෙරොයින් ඇතුළු වෙනත් මත්ද්‍රව්‍ය විශාල තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ යටතේ අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ප්‍රමාණය තුන්දහස් හත් සිය හතලිස් එකක් බව ද විශේෂ කාර්ය බළකා වාර්තා පෙන්වා දෙයි.

වර්තමාන රජය බලයට පත් විමෙන් පසු රටතුළට එන මත්ද්‍රව්‍ය තොග ඇතුළු වෙනත් මත්ද්‍රව්‍ය රටතුළ භාවිතය මර්දනය කිරීම සඳහා විශේෂ කාර්ය බළකායට පවරන ලද වගකීම අකුරටම ඉෂ්ට කරමින් 2015 සිට 2018 අප්‍රේල් මස 22 දක්වා වසර තුනක කාලයක් තුළ සිදු කරන ලද වැටලීම්වල ප්‍රතිඵලයක් වශයෙන් මෙතරම් විශාල වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් විශාල පිරිසක් ද අත්අ‍ඩංගුවට ගැනීමට හැකි වී ඇත. පොලිස් ඉතිහාසයේ පොලිස් වැටලීම් අංශයක් මෙතරම් මත් ද්‍රව්‍ය තොග වැටලීම් සිදුකර විශාල වටිනාකමකින් යුත් මත් ද්‍රව්‍ය තොග සොයා ගත් ප්‍රථම වසර තුන මෙය වෙයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් හා වෙනත් මත් කුඩු වර්ග කේරළ ගංජා, ගංජා, දුම්වැටි, මධ්‍යසාර, විදේශීය මධ්‍යසාර සහ නීති විරෝධි මත්පෙති වෙයි. ඒ සඳහා වැටලීම් හාරදහසකට වැඩි ප්‍රමාණයක් සිදු කර තිබේ. මේ අනුව 2015 වසරේදී වැටලීම් 151ක්ද සැකකරුවන් 169ක්ද හෙරොයින් මිලි ග්‍රැම් 434ක්ද අත්අඩංගුවට ගෙන ඇත . 2016 වසරේදි වැටලිම් 85ක්ද සැකකරුවන් 94ක්ද හෙරොයින් මිලි ග්‍රෑම් 535ක්ද අත්අඩංගුවට ගෙන ඇත. 2017 වසරේදී වැටලිම් 299ක්ද සැකකරුවන් 317ක් සහ හෙරොයින් මිලි ග්‍රම් 5396ක්ද අත්අඩංගුවට ගෙන ඇත. 2018වසරේ පෙරේදා 22 දක්වා වැටලිම් 125ක් සැකකරුවන් 131ක් සහ හෙරොයින් මිලි ග්‍රැම් 1049ක්ද අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව වැටලිම් 660ක් සැකකරුවන් 711ක් සහ හෙරොයින් මිලි ග්‍රැම් 7414ක් අත්අඩංගුවට ගෙන ඇත.

එම වසර තුනේදි කේරල ගංජා සම්බන්ධයෙන් වැටලිම් 458ක් සාකකරුවන් 507ක් සහ ගංජා කිලෝ ග්‍රැම් 1877ක්ද අත්අඩංගුවට ගෙන ඇත.

තවද එම වසර තුනේදි ගංජා කිලෝ ග්‍රැම් 619ක්ද සැකකරුවන් 367ක් සහ වැටලිම් 331ක් සිදු කර තිබේ.

එම වසර තුනේදී නීති විරෝධි දුම්වැටි වැටලීම් 130ක්ද සැකකරුවන් 142ක් සහ දුම්වැටි 1304294ක් අත්අඩංගුවට ගෙන ඇත. නීති විරෝධි මධ්‍යසාර අත්අඩංගුවට ගැනීම් මෙම කාලය තුළ වැටලීම් 1489ක් සැකකරුවන් 1625ක් සහ මධ්‍යසාර ලිටර් 175218ක් අත්අඩංගුවට ගෙන ඇත. විදේශීය මධ්‍යසාර සම්බන්ධයෙන් වැටලීම් 30ක්ද සැකකරුවන් 50ක්ද වැටලීම් මධ්‍යසාර ලිටර් 16811ක්ද අත්අඩංගුවට ගෙන ඇත. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();