Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහා අනතුරක් වැළැක්වූ දුම්රිය සේවකයාට උසස්වීමක් සමඟ මුදල් ත්‍යාගයක්

Author(s): 
අසේල කුරුළුවංශ

හැටන් සිංගිමලේ දුම්රිය උමං මාර්ගය තුළ සිදු වන්නට ගිය විශාල දුම්රිය අනතුරක් වළක්වා ගැනීමට ක්‍රියාකළ දුම්රිය මාර්ග අනියම් සේවකයකුගේ සේවය අගයමින් ඔහුට උසස් වීමක් සහිත ස්ථිර පත්වීමක් සමඟ රුපියල් පනස් දහසක මුදලක් ලබා දීමට ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පියවර ගෙන තිබේ.

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රිය පසුගිය සැප්තැම්බර් මස 4 දින සිංගිමලේ දුම්රිය ස්ථානය වෙත ළඟා වෙමින් තිබියදී ආදළ සේවකයා උමං මාර්ගය තුළ රේල් පිලී දෙකක් බිඳී ගොස් තිබෙනු දැක ක්ෂණිකව ක්‍රියාත්මකවී රතු කොඩියක් ඔසවා ගෙන ගොස් දුම්රිය නතර කර ගැනීමට පියවර ගෙන තිබිණි.

දුම්රිය මාර්ග පරීක්ෂාවේ නිරතව සිටි මේ සේවකයා තම රාජකාරිය අකුරට ඉටුකිරීම හේතුවෙන් සිදු වන්නට ගිය මහ විනාශයක් වැළැකී ගිය අතර ඊට මාධ්‍යය මඟින්ද විශාල ප්‍රචාරයක් ලබා දුන්නේය.

මේ පුද්ගලයාගේ සේවය ස්ථිර කිරීමට කැබිනට් අනුමැතියක් ලබා ගැනීමට ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පියවර ගෙන තිබිණි.

දුම්රිය මාර්ග අනියම් සේවක කේ .එම් . බණ්ඩාර මහතා දුම්රිය බංගලා භාරකාර සහකාර 3 වෙනි ශ්‍රේණියේ ස්ථිර තනතුරට උසස් කර දුම්රිය දෙපාර්තමේන්තුවෙන් රුපියල් 50000 ක මුදලක් ඔහුට පරිත්‍යාග කිරීම ඊයේ (25) බත්තරමුල්ල සේත්සිරිපායේ පිහිටි එම අමාත්‍යංශ කාර්යාලයේ දී සිදු කෙරුණි.

මේ අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ජි.එස් .විතානගේ,අතිරේක ලේකම් ආර්.එම්.එස්.පි.රත්නායක, දුම්රිය සමාන්‍යාධිකාරි එස්.එම් අබේවික්‍රම මහත්වරුද සහභාගි වුහ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();