නුසුදුසු අන්තර්ගතයන් ඉවත් කිරීමට භාවිත කරන ලද නීති රීති ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය විසින් ප්‍රසිද්ධියට පත් කර තිබේ. ලොව ජනප්‍රියතම සහ වැඩිම පරිශීලකයන් පිරිසක් සහිත සමාජ මාධ්‍ය ජාලය වන ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය එලෙස එම සමාජ මාධ්‍ය ජාලය භාවිත කරන්නන්ගේ අන්තර්ගත ඉවත් කිරීමට භාවිත කරන ලද හා පදනම් කරන ලද නීති මෙසේ ප්‍රසිද්ධියට පත් කරන ලද්දේ පළමු වරටය.
මීට පෙර ෆේස්බුක් සමාජ ජාලය මාධ්‍ය ජාලයේ තිබෙන නුසුදුසු යැයි කියන අන්තර්ගත සම්බන්ධයෙන් නිරීක්ෂකයන් හෝ එහි පරිශීලකයන්ගෙන්ම එල්ල වන පැමිණිලි භාවිත කරමින් එලෙස අන්තර්ගත වෙබ් අඩවිය මඟින් ඉවත් කෙරුණත් ඊට පාදක කරගන්නා හෝ භාවිත කරන නීති මොනවාදැයි ප්‍රසිද්ධියට පත් කර නොතිබිණි.
ෆේස්බුක් සමාගම එලෙස පළමු වරට එම නීති ප්‍රසිද්ධියට පත් කරන ලද්දේ පිටු 27ක ලියවිල්ලක් ප්‍රසිද්ධියට පත් කරමිනි. බිලියන 2ට වැඩි පරිශීලකයන් පිරිසකගෙන් සන්නද්ධ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය පසුගිය කිහිපයක කාලයේදී බොහෝ පාර්ශ්වවල දැඩි විවේචනයට ලක්විය.
ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලවල තිබෙන අන්තර්ගත ඉවත් කිරීමේදී ඊට පාදක වූ ප්‍රමුඛතම කරුණු වූයේ වෛරී ප්‍රකාශ, ප්‍රචණ්ඩකාරී තර්ජන, ලිංගික හිරිහැර හා වදහිංසා යනාදියයි.


0 Comments