ඉන්දුනිසියා රජයට ජාතික ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත් ක්‍රමය හා සම්බන්ධ ඇමරිකා ඩොලර් මිලියන 170 ක් පමණ පාඩුවක් සිදු වීමේ දී හිටපු පාර්ලිමේන්තු කතානායකවරයෙකු ගේ කාර්ය භාරය වෙනුවෙන් එරට අධිකරණය විසින් ඔහුට වසර 15ක සිර දඬුවමක් නියම කරයි.
ඉන්දුනීසියාව තුළ පසුගිය වකවානුව තුළ සිදු වූ මහා පරිමාණ දූෂණ වංචා විමර්ශන හමුවේ මෙම නඩුව විභාගයට ගැනිණි.
සෙත්‍යා නොවන්ටෝ නම් මොහු 2014- 2015 සහ 2016-2017 කාලය අතර පාර්ලිමේන්තු කතානායකවරයා ලෙස කටයුතු කළේය. මෙම සිර දඬුවමට අමතරව ඇමෙරිකා ඩොලර් මිලියන 7.3ක් නැවත ගෙවීමට ද අධිකරණය ඔහුට නියෝග කර තිබේ.


0 Comments