නිල සාකච්ඡාවක් වෙනුවට නිල නොවන හමුවක් පැවැත්වීම චීන-ඉන්දියා රාජ්‍ය නායකයන් අදහස් හුවමාරු කිරීම වෙනුවෙන් වඩාත් උචිත අවස්ථාවක් නිර්මාණය කරනු ඇතැයි චීන විදේශ අමාත්‍යාංශය පවසයි.
එළඹෙන 27 හා 28 යන දින චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා චීනයේ හු-බෙයි පළාතේ වු හැන් නගරයේ නිල නොවන හමුවීමක් පැවැත්වීමට නියමිතව තිබේ. එම රාජ්‍ය නායකයන් විවිධ නිල අවස්ථාවලදී හමු වී යහපත් රාජකාරිමය හා පුද්ගලික සම්බන්ධතාව ගොඩ නගා ඇතැයි චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලූ කැන්ග් බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ය.
අස්ථාවර හා සංකීර්ණ ජාත්‍යන්තර තත්වය හමුවේ ලොව විශාලතම සංවර්ධනය වෙමින් පවතින රටවල් දෙකේ රාජ්‍ය නායකයන් වශයෙන් ෂී ජින් පිං මහතා සහ නරේන්ද්‍ර මෝදි ද්වීපාර්ශ්වික සම්බන්ධතා සහ දිගුකාලීනව පවතින උපාය මාර්ගික ජාත්‍යන්තර ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා පැවැත්වීමට කැමැත්ත දක්වා තිබෙන බව ලූ කැන්ග් මහතා එහිදී පැවසීය. එබැවින් නිල සාකච්ඡාවක් වෙනුවට නිල නොවන හමුවක් පැවැත්වීම, එම නායක දෙපළ ගැඹුරින් අදහස් හුවමාරු කිරීම වෙනුවෙන් වඩාත් උචිත අවස්ථාවක් නිර්මාණය කරනු ඇතැයි විශ්වාස කරන බවලූ කැන්ග් වැඩිදුරටත් සඳහන් කළේ ය.


0 Comments