Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නව ඉන්ධන මිල සූත්‍රය කැබිනට් මණ්ඩලයට

ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් සකස් කළ මිල සූත්‍රය හෙට දිනයේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ලෝක වෙළෙදපලේ පවතින ඉන්ධන මිල හමුවේ මෙම මිල සූත්‍රයට කැබිනට් අනුමැතිය ලැබීමෙන් අනතුරුව මාස දෙකකට හෝ තුනකට වරක් මිල සංශෝධනයක් සිදුවිය හැක.

මුදල් අමාත්‍යාංශය සදහන් කළේ ඒ අනුව ඉදිරි මාස දෙක හෝ තුන ඇතුළත ඉන්ධන මිලෙහි ඉහළ යාමක් බලාපොරොත්තු විය හැකි බවයි.

කෙසේ වෙතත්, ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීමට කටයුතු කිරීමත් සමඟ ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබන බවට දිගින් දිගටම චෝදනා එල්ල විය.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශ ලේකම් උපාලි මාරසිංහ සදහන් කළේ ඉන්දියන් ඔයිල් සමාගම ඉන්ධන මිල ඉහළ නැංවීමෙන් අනතුරුව අමාත්‍යාංශය දිනකට රුපියල් මිලියන 38ක අතිරේක පාඩුවක් ලැබූ බවයි.

මෙම තත්ත්වය හමුවේ ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල ගණන් ඉහළ නැංවිය යුතු බවට ඔවුන් මුදල් අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබිණි.

කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධව මිල සූත්‍රයක් සකස් කිරීමට පියවර ගත් අතර එය මේ වන විට සකස් කර අවසන් බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();