පළාත් සභා ඡන්දය ඉක්මනින් පැවැත්වීමට අවශ්‍ය නෛතික හා ව්‍යවස්ථාමය වාතාවරණය පාර්ලිමේන්තුව හරහා කර දෙන ලෙස සියලු දේශපාලන පක්ෂවලින් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
පළාත් සභා ඡන්දය පැවැත්විමට විකල්ප හතරක් පවතින බවත් ඉන් එක් ක්‍රියා මාර්ගයක් හෝ ගෙන ඡන්දය පැවැත්විය හැකි බවද කීය. එම විකල්ප අතර සීමා නිර්ණය වාර්තාව පාර්ලිමේන්තුවේ 2/3 සම්මත කිරීම,අගමැතිවරයා පත්කරණ කමිටුවකින් එම වාර්තාව සමාලෝචනය කිරීම, 50ට 50 අනුපාතය වෙනස් කිරීමට පාර්ලිමේන්තුවේ පනතකින් සම්මත කිරීම,මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා යෝජනාවක් සම්මත කිරීම වේ.
ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ(24) මැතිවරණ කොමිසන් සභාවේ පැවැති මාධ්‍ය හමුවට එක් වෙමිනි. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය පවතිනුයේ මහජනවාදි නියෝජිතයන් සිටි නම් පමණක් යැයි ද කීය.
පළාත් සභා ඡන්දය පැවැත්වීමට ඡන්ද හිමි නාම ලේඛන කිරීමේ කටයුතු මැයි මස තුන්වන දින සිට ග්‍රාම නිලධාරී මාර්ගයෙන් සිදු කරන බව කී කොමසාරිස්වරයා ජුනි මස 30 වැනි දින එම කටයුතු අවසන් කිරිමට බලාපොරොත්තු වන බවද එතැන් සිට මාස තුනක කාලයක් මැතිවරණ කොමිසමට අවශ්‍ය බවද කිය. සියලු ඡන්ද එකවර පැවැත්විය යුතු බවට ලංකාව මිත්‍යාවක පසු වන බව ද ලෝකයේ කිසිම රටක සියලු ඡන්ද එක දිනයේ පැවැත්වීමේ වැඩපිළිවෙළක් නොමැති බවද මැතිවරණ කොමසාරිස්වරයා කීය. නව පක්ෂයක් ලියාපදිංචි කිරීමේදී පුරවාසිභාවය පිළිබඳව අනිවාරයයෙන් සොයා බලන අතර දැනට ලියාපදිංචි පක්ෂවල නියෝජිතයන්ගේ පුරවැසිභාවය පිළිබදව විමසා ලිපි ඒ ඒ පක්ෂ වෙත යවා තිබෙන බවද ඇතැම් පක්ෂවලින් එම වාර්තාව ලැබී ඇති බවද කීය.
සඳුන් රමේෂ්


0 Comments