Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මැයි දින 1දා පෙළපාලි, රැස්වීම් වලට කොළඹ නගර සභා ක්‍රීඩා පිටි බෑ

Author(s): 
උදුලා පීරිස්

මැයි දින පෙළපාලි හෝ කිසිදු දේශපාලන රැස්වීමකට පක්ෂ ,කණ්ඩායම් හෝ වෘත්තීය සමීති වෙනුවෙන් කොළඹ මහ නගර සභාවට අයත් කිසිදු ක්‍රීඩා පි‍ටියක් මැයි 01 දිනට ලබා නොදෙන ලෙස වැඩ බලන නාගරික කොමසාරිස් ලලිත් වික්‍රමරත්න මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

ලෝක කම්කරු දිනය වන මැයි 01 වෙනිදාට යෙදී තිබුණද එදිනට වෙසක් සතිය යෙදී තිබීම හේතුවෙන් රජය සහ පෞද්ගලික අංශය මෙවර එදින (මැයි 01) නිවාඩු දිනය අවලංගු කර ඇති අතර ඒ නිවාඩුව මැයි 07 දිනට ලබාදී තිබේ‍.

නමුත් ඇතැම් පක්ෂ,කණ්ඩායම් හා වෘත්තීය සමීති විසින් මැයි 01 කම්කරු දිනය සැමරීමට කටයුතු යොදා ඇති බව කොළඹ නගර සභාව අනාවරණය කර ගැනීමත් සමඟ මෙම තහනම් නියෝගය ලබාදී ඇත.

ඒ අනුව කොළඹ මහ නගර සීමාව තුළ කොළඹ නගර සභාවට අයත් ක්‍රීඩා පිටි 28න් එකක්වත් මැයි 01 දිනට ලබා නො‍දීමට කොළඹ මහ නගර සභාව තීරණය කර ඇත. 

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();