Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකන් - මිහින් ලංකා පැමිණිලි ලබා ගැනීමේ කාලය මැයි 12 දක්වා දීර්ඝ කෙරේ

Author(s): 
කමනි අල්විස්

ශ්‍රී ලංකන් එයාර් ලයින්ස්, සීමාසහිත ශ්‍රී ලංකා කේටරින් සහ මිහින්ලංකා ආයතනවල සිදුවී තිබෙන වංචා දූෂණ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳ මහජන පැමිණිලි ලබාගැනීමේ කාලය මැයි 12දා දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

පැමිණිලි භාරගැනීමේ කාලසීමාව අප්‍රේල් 12දා අවසන් වුවද මහජන ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් කොමිසම විසින් කාලසීමාව දීර්ඝ කළ බව කොමිසමේ ලේකම් එච්. ඩබ්ලිව්. ගුණදාස මහතා දිනමිණ කරන ලද විමසීමකදී පැවසීය.

මැයි 12 දායින් පසුව නැවත කාලය දීර්ඝ කිරීමක් සිදු නොවන බවත් දන්වා සිටී.

විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ සභාපතිත්වයෙන් විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු ඒ. ජී. ආර්. අමරසේකර, හිටපු මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, හිටපු නියෝජ්‍ය විගණකාධිපති එච්. ඩී. ඒ. හැරල්ඩ් යන මහත්වරු සහ විගණන ප්‍රධාන සමීක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ජී. කේ. ගීගනගේ මෙනවිය සාමාජිකත්වය දරන ජනාධිපති පරීක්ෂණ කොමිසම දිනපතා රැස්වෙමින් ඉදිරි කටයුතු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම සිදුවෙයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();