දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ 25 වැනි ගුණසැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ, අලුත්කඩේ උසාවිය අසළ පිහිටි ප්‍රේමදාස පිළිරුව අබියස දී එළඹෙන මැයි මස පළමු වැනිදා පෙරවරු 8.30 ට පැවැත්වේ.
මේ මස 30 දා රාත්‍රී 7.00 ට කැලණිය රාජමහා විහාරාධිපති කැළණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරත්ඛිත හිමියන් පවත්වන ධර්ම දේශනයක් ශ්‍රී සුචරිත ශාලාවේ දී පැවැත්වෙන අතර මැයි මස පළමු වැනි දා උදෑසන කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝනායක හුණුපිටියේ ගංගාරාමාධිපති ගලබොඩ ඥාණිස්සර හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය විෂයෙහි පිරිනමන සපිරිකර සංඝගත දක්ෂිනාවක් කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරසථානයේ දී පැවැත්වීමට නියමිතයි. ගුණ සමරු කමිටුවේ සභාපති කතානායක කරූ ජයසූරිය මහතාගේ උපදේශකත්වයෙන් මෙම පිංකම් මාලාන සංවිධානය කැර තිබේ.


0 Comments