Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බුද්ධිමය ප්‍රකාශන අයිතීන් සුරකීමට නව ප්‍රතිපත්ති ප්‍රකාශනයක්

Author(s): 
චමීර ඇල්ලදෙණිය

බුද්ධිමය ප්‍රකාශන අයිතීන් සුරකීම වෙනුවෙන් නව ප්‍රතිපත්ති ප්‍රකාශනයක් කඩිනමින් ඇති කිරීමට කටයුතු කරන බව ජාතික බුද්ධිමය දේපොළ කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරල් ගීතාංජලී රණවක මහත්මිය පැවසුවාය.

කාන්තා ප්‍රකාශන හිමිකම් පිළිබඳ නව ප්‍රතිපත්ති ගෙනවිත් කාන්තාව බලගන්වාලීමට හා තිරසර සංර්ධනය උදෙසා නිර්මාණශීලීත්වය බලගැන්වීමට කටයුතු කරන බවද රණවක මහත්මිය කීවාය.

ලෝක බුද්ධිමය දේපොළ දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපොළ කාර්යාලය හා ලෝක බුද්ධිමය දේපොළ සංවිධානය එක්ව ගෝල් ෆේස් හෝටලයේදී වැඩමුළුවක් ඊයේ (26) පැවැත්විණි. එහිදී මෙම කරුණු අනාවරණය විය.

ජාතික බුද්ධිමය දේපොළ කාර්යාලයේ නව තොරතුරු වෙබ් අඩවිය මෙහිදී එළිදැක්විණ.

ප්‍රකාශන අයිතීන් සුරකීම වෙනුවෙන් ජාත්‍යන්තර හා කලාපීය රටවල සහාය ලබා ගෙන ඊට අදාළ ප්‍රතිපත්ති සම්පාදනය කරන බවත් කී අධ්‍යක්ෂ ජෙනරල්වරිය නිර්මාණශීලීත්වය බලගැන්වීම වෙනුවෙන් ජාතික බුද්ධිමය දේපොළ කාර්යාලයට කළ හැකි උපරිමය සිදු කරන බවත් සඳහන් කළාය.

තිරසර සංවර්ධනය උදෙසා නිර්මාණශීලීත්වය බලගැන්වීම හා ප්‍රකාශන අයිතියේ කාර්ය භාරය මෙවර ලෝක බුද්ධිමය දේපොළ දිනයේ තේමාව වී ඇත.

නිර්මාණශීලීත්වය බලගැන්විම වෙනුවෙන් පවත්වනු ලැබූ මෙම වැඩමුළුව සඳහා රටවල් පහක් නියෝජනය කරමින් නියෝජතයින් පිරිසක් එක්ව සිටියහ. සම්පත්දායකයින් ලෙස ලෝක බුද්ධිමය දේපොළ සංවිධානයේ ප්‍රකාශන හිමිකම් විෂය පිළිබඳ ප්‍රවීණයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූපය-සිරිපාල හල්වල

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();