බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය සාර්ථක කර ගැනීමට සියලු ජාතීන්ට හා ආගම් වලට අයත් ජනයා සහාය දක්වන බවත් එය මෙරට සංහිඳියාව ගොඩනැංවීමේ ආශිර්වාදයක් බවත් ගංගාරාම විහාරවාසී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ පවසති.
කොළඹ හුණුපිටිය ගංගාරාමය සහ අගමැති කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය වෙනුවෙන් අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව කියා සිටියේය.
ලබන 29 ,30 සහ මැයි මස 01,02,දිනවල කොළඹ නව කෝරලේ ප්‍රධාන සංඝනායක ගංගාරාම විහාරාධිපති ගල්බොඩ ඥානිස්සර හිමියන්ගේ අනුශාසනා පරිදි බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය පැවැත්වේ.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් මෙසේ ප්‍රකාශ කෙළේය.
වසර 12ක් පුරා පැවැති මේ වෙසක් මංගල්‍යය මුළු රටටම ආශිර්වාදයක් එක් කළා වගේම කොළඹ නගරයට ඉමහත් ආලෝකයක්ද එක් කළා.
මේ කටයුත්ත සාර්ථක කර ගත හැකි වීමට හේතු වී ඇත්තේ ජාති ,ආගම් භේදයකින් තොරව සිදු කරනු ලබන උපකාර නිසා යි.මේ කටයුතු වෙනුවෙන් ජිනරතන කාර්මික විද්‍යාලයේ දරුවන් අපමණ වෙහෙසක් දරනවා.වසර ගණනාවක් පූරා විදේශිකයින් විශාල පිරිසක් මේ උත්සවය වෙනුවෙන් මෙරටට පැමිනෙනවා.
ඔවුන් වාර්ශිකව මෙහි පැමිණෙන්නේ ආශිර්වාදය ලබා ගැනීමටයි.මේ නිසා රටට ආර්ථික වාසි අත්වනවා පමණක් නෙවෙයි රට ගැන ජාත්‍යන්තර යට පණිවිඩයක් යනවා.
වෙසක් කලාපය වෙසක් කූඩු නිර්මාණය කරන්නන් දිරිගන්වන්නට ජයග්‍රාහකයන්ට මෙන්ම සහභාගී වන සැමට මුදල් ත්‍යාග පිරිනමනවා.
මේ ජාතික වෙසක් මංගල්‍යයේ සර්වඥ ධාතු ප්‍රදර්ශනය මෙන්ම පුරාවිද්‍යා වස්තු ප්‍රදර්ශනය අරලියගහ මන්දිරයේ ශාලාවක පැවැත්වෙන අතර සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඇතුලු ආයතන සම්බන්ධ කරගෙන සිදු කරන නර්තන අංගයන් බේරේ වැව ආශ්‍රිතව සිදු කළ වේදිකාවක ප්‍රදර්ශනය කිරීමට සැළසුම් කර ඇත.
වෙසක් පුන් පොහෝ දින පෙරවරු 6.00සිට පස්වරු 6.00දක්වා ශීල සමාදාන වැඩසටහක් විහාරස්ථානයේ පැවැත්වෙන අතර පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය ත්‍රිවිධ හමුදාව මේ කටයුත්ත සාර්ථක කර ගැනීමට දායකත්වය සපයයි.


0 Comments