යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපය දින නියමයක් නොමැතිව වසා දමා තිබේ.
එහි පාලන අධිකාරිය විසින් මෙම පියවර ගෙන අැත.
නේවාසිකාගාරයක තැන්පත් කළ බුදු පිළිමයක් පාලන අධිකාරිය බලහත්කාරයෙන් ඉවත් කරමින් විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට කටයුතු කර ඇති බවටයි සිසුන් චෝදනා කරන්නේ.
කෙසේ වෙතත්, මේ පිළිබඳව විශ්වවිද්‍යාල පාලන අධිකාරියෙන් විමසීමට අප උත්සාහ කළ ද එය ව්‍යර්ථ වූයේ ඔවුන් දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.
0 Comments