Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකා පිල ගෝල්ඩ් කොස්ට් වෙත

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ක්‍රීඩා ගම්මානයට ඉහළ අහසේ ගුවන් ගමන් තහනම්

එළැඹෙන 4 වැනිදා උත්සවශ්‍රීයෙන් ඇරැඹීමට නියමිත 21වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගීවන 6500ක පමණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීහු පිරිස නවාතැන් ගන්නා ගෝල්ඩ් කොස්ට් හී ක්‍රීඩා ගම්මානයට ශ්‍රී ලංකා පිල එක්වෙයි. හෙක්ටයාර් 29ක ඉදිව ඇති මේ අලංකාර ක්‍රීඩා ගම්මානය ජාත්‍යන්තර, නේවාසික හා මෙහෙයුම් යන කළාප තුනකට වෙන්කොට ඇත.

ජාත්‍යන්තර කළාපයේදී පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් 71ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මිත්‍රත්වය ගොඩ නගා ගැනීම උදෙසා හමුවි කතා කළ හැකි ස්ථාන නිර්මාණය කර ඇති අතර එහි විනෝදාස්වාදය වෙනුවෙන් සංගීතය, නර්තනය හා වීඩියෝ ක්‍රීඩා තිබේ.

ක්‍රීඩා ගම්මානයේ පිටත හා ඇතුලුවීමේ දොරටු අභියස විශේෂ ආරක්ෂක පියවර පොලිස් හා හමුදා නිලධාරීන් ඉටු කරමින් සිටින අතර ගුවන් තොටුපොල ආරක්ෂණ විධි හා සමාන උසස් ආරක්ෂක ක්‍රමවේදයන් අනුගමනය කර තිබේ. ඒ සඳහා ස්කෑනර් යන්ත්‍ර හා එක්ස්රේ යන්ත්‍ර සවිකොට ඇති අතර ක්‍රීඩා ගම්මානය ඉහළ අහසේ ගුවන් යානා හෝ ඩ්‍රෝන කැමරා ගමන් කරවීම සම්පූර්ණයෙන්ම තහනම් කොට ඇත.

මහල් නිවාස ඒකක 1170ක් අලුතින්ම ේකොට ඇති හෙයින් ඒවාට ගමන් කිරීමට මාර්ග ද වෙන වෙනම නම් කිරීමට පියවර ගෙන ඇති හෙයින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම නිවාස ඒකකය හඳුනා ගැනීමේ පහසුව උදාකොට ඇත. දෙදෙනකුට නවාතැන් ගත හැකි කාමර 3300කින් සමන්විත නිවාස ඒකක අතරට වෛද්‍ය පහසුකම්, කායවර්ධන ශාලා පහසුකම් හා භෝජනාගාර වෙනුවෙන් වෙනම පරීශ්‍ර පිහිටා ඇත. ඔලිම්පික් ක්‍රීඩා උළෙල හැරුණු කොට ලොව විවිධ ජාතීන් නියෝජනයවන දැවැන්තම ක්‍රීඩා උළෙල මෙය බැවින් ආසියානු, හලාල් හා බටහිර ලෙස වෙන වෙනම ආහාර පිළියෙළ කොට තිබේ.

මේ ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමග ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කොස්ට් නගරය වසර 2011 ඔක්තෝම්බර් මාසයේදී බටහිර ඉන්දීය කොදෙව්හි පිහිටා ඇති සාන්ත කිට්ස් හා නෙවීස් හී ඡන්ද විමසීමට ඉදිරිපත්ව ගොල්ඩ් කොස්ට් ජය ගත්තේය. ඒ නිසාම ගෝල්ඩ් කොස්ට් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සත්කාරක රටේ විශේෂ පිළිගැනීමක් හිමිව ඇතැයි ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා පැවැසීය.

“ඒක පිළිගැනීමකටත් වඩා කිසියම් විශේෂ ගෞරවයක් කියා කියන්නත් පුලුවන්. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනය, ශ්‍රී ලංකාවට විශේෂ අවස්ථා කිහිපයක් ලබාදී තිබෙනවා. අපට යම් සහයෝගයක් අවශ්‍ය නම් ඒ සියල්ල ඔවුන් ලබා දෙන බව පවසා තිබෙනවා. ක්‍රීඩා උළෙල ආරම්භයට පෙර ඔවුන්ගේ උසස් සංවිධාන දකින්නට හැකියි. සෑම විටම නිලධාරීන්ට වඩා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ප්‍රමුඛතාව ලබාදී තිබෙනවා” සිල්වා මහතා පැවැසීය.

පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවල් හරහා ගමන් ගත් විශේෂ යෂ්ටිය දින 388 ක් මුළුල්ලේ කිලෝ මීටර 2,30,000 ක් ආවරණය කොට දැන් ක්වීන්ස්ලන්තය වෙත පැමිණ ඇත. බ්‍රිතාන්‍ය මහා රැජිනගේ පණිවුඩය රැගත් විශේෂ යෂ්ටිය පසුගියදා කොළඹට පැමිණී අතර සම්ප්‍රදායක් ලෙස සාමාජික රටවල් වෙත රැගෙන යාම සිදු කෙරුණි.

එය පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන කැරාරා ක්‍රීඩාංගණය වෙත රැගෙන ඒමෙන් පසු පිටියේ පිහිටා ඇති ක්‍රීඩා ගිනිසිඵව දැල්වා නිල වශයෙන් සමාරම්භය සටහන් කෙරේ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();