Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වත්මන් ආණ්ඩුව විවෘත කරන අවසන් උදාගම මෙය විය හැකියි – සජිත් පෙරළියක ඉගි පායි..!

වත්මන් ආණ්ඩුව විවෘත කරන අවසන් උදාගම මෙය විය හැකියි.. මට ලොකු තනතුරක් ලැබිය හැකියි..- සජිත් පෙරළියක ඉගි පායි..
වර්තමාන යහපාලන ජාතික ආණ්ඩුව විසින් විවෘත කරන අන්තිම උදා ගම්මමානය මෙය විය හැකි යයි නිවාස හා ඉදිකිරිම් ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා උත්සව සභාවක් අමතමින් පැවසීය.

ඇමතිවරයා මේ බව කියා සිටියේ කුරුණෑගල, මහවල කුඹුක්වැවදී ‘යනදගම’ හා ‘සැළමුතුගම’ උදාගම්මාන විවෘත කිරීමේ උත්සවය අමතමිනි.

තව දුරටත් අතදහ්ස පල කරමින් ඇමතිවරයා සදහන් කලේ විශ්වාස භංගයේදි සිදුවන පරිවර්ථනයකින් පසු සමහර විට තමනට වත්මන් ඇමති ධුරයට වඩා රටට සේවයක් කල හැකි තනතුරක් හිමිවනු ඇති බවයි.

මේ අතර පෙරේදා දිනයේදී ඇමති සජිත් එජාප මැති ඇමති පිරිසක් සමග ජනාධිපති නිවසට පැමිණ ජනාධිපතිවරයා හමු වී විශේෂ සාකච්චාවක් කර ඇති බව වෙබ් අඩවි කිහිපයක් වාර්තා කලේය.

ඇමති සජිත් ප්‍රේමදාස රාජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා ඇතුළු එක්සත් ජාතික පක්‍ෂ මැති ඇමතිවරුන් පිරිසක් අද දහවල් කාලයේදී ජනාධිපතිවරයා හමු වී විශේෂ සාකච්චාවක් කර ඇත.

මෙම විශේෂ සාකච්චාව සිදු කර ඇත්තේ කොළඹ පැජට් පාරේ ජනාධිපති නිල නිවසේදීය.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව එල්ල වී ඇති විශ්වාස බංග යෝජනාව සම්බන්ධයෙන් එම පිරිස ජනාධිපතිවරයා සමග සාකච්චා කර ඇති අතර යම් ලෙසකින් විශ්වාස බංගය බරාජය වුවහොත් කුමක් කරන්නේදැයි ජනාධිපතිවරයා එම පිරිසගෙන් විමසීමක් කර ඇත.

එසේ වුවහොත් වෙනත් නායකයෙක් සමග අගමැති ධුරය සමගින් ආණ්ඩුවක් පිහිටුවා ඉදිරි කාලයද ආණ්ඩු කරන බව එම පිරිසගේ පිලිතුර විය.

එහිදී ජනාධිපතිවරයා නැවත වරක් විමසා ඇත්තේ එසේ නම් ඉදිරියේදී තමන් සමග වැඩ කරන අගමැතිවරයා කවුරුන් විය හැකිද කියාය.

පිලිතුරු ලෙස එජාප කණ්ඩායම දන්වා ඇත්තේ තම නායකයා හා අගමැතිවරයා ලෙස සජිත් පේ‍්‍රමදාස මහතා පත් කර ගන්නා බවය.

මෙම සාකච්චාව සදහා එක්සත් ජාතික පක්‍ෂයෙන් අට දෙනකු පැමිණ ඇති බව ආරංචි මාර්ග වැඩි දුරටත් කියා සිටී.

The post වත්මන් ආණ්ඩුව විවෘත කරන අවසන් උදාගම මෙය විය හැකියි – සජිත් පෙරළියක ඉගි පායි..! appeared first on Ape Rata | News Sri Lanka |News Today|Breaking News|Daily News.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();