ඉදිරියේදී කිසිදු විදුලි බල අර්බුදයක් ඇතිවීමට හේතුවක් නොමැති බව මහජන උපයෝගිතා කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරල් දමිත කුමාරසිංහ මහතා අවධාරණය කෙළේය.
විදුලිබල අර්බුදයක් ලබන වසරේ ඇතිවේ යැයි කවුරුන්හෝ පවසනවා නම් 2009 සිට ඉදිරිපත් කළ ජනන සැලසුම් නිසි ආකාරයට ක්‍රියාත්මක නොවී ඇති හෙයින් එවැනි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවද කුමාරසිංහ මහතා පෙන්වා දුන්නේය.
මහජන උපයෝගිතා කොමිසන් සභාවේ ඊයේ (25) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අධ්‍යක්ෂ ජෙනරල්වරයා කීවේය.
ඒ තත්ත්වය මත විදුලිය අඩුම වියදමින් වැඩි ප්‍රතිලාභ ලබාදෙන ආකාරයට නිපදවීමට ඇති හැකියාව මත නව ජනන සැලැසුම ක්‍රියාත්මක කළ යුතු බවත් 2017 වසරේ අනමත කළ ජනන සැලසුම් ස්වාභාවික වායු හා සුර්ය බලශක්තියට වැඩි ඉඩක් ලබාදී ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරල් දමිත කුමාරසිංහ මහතා-
මේ වේලාවේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරගෙන යනවා. සූර්ය පැනල ආශ්‍රයෙන් වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. විදුලිබල වාහන ආරෝපණ වාහනවලට ප්‍රතිපත්ති රාමුවක් ඇති කරගෙන යවනවා. විදුලි කාර්මිකයින්ගේ ප්‍රමිතිකරණයක් ඇති කිරීමට අප බලාපොරොත්තු වෙනවා. එම ක්‍රමවේදය මේ වසර අවසානය වීමට පෙර එළි දක්වනවා. දැනට සෑම පළාතකම මහජන උපදේශන පැවැත්වීමට කටයුතු කරනවා. පළමු උපදේශන දකුණු පළාතේ පැවැත්වුවා. ඊළඟට මධ්‍යම හා සබරගමුවට යාමට අප කටයුතු කරනවා. වීදි ලාම්පුවලට ප්‍රතිපත්ති රාමුවක් ඇති කිරිමට අප නියලී තිබෙනවා. ලිහිසි තෙල් නියාමන රාමුවක් ඇති කිරිමට අප මහජන අදහස් විමසුවා. ජනතා අදහස් ඇවිත් තිබෙනවා.
චමීර ඇල්ලදෙණිය
ඡායාරුප - සිරිපාල හල්වල


0 Comments