යුරෝපා සංගමය විසින් පනවා තිබු මත්ස්‍ය තහනම ඉවත්වීමෙන් පසුව මාස 21 තුළ මසුන් මෙට්‍රික් ටොන් 58,578. 09ක් අපනයනය කර රුපියල් මිලියන 92,117 ක විදේශ විනිමය උපයා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වී ඇත. මත්ස්‍ය අපනයනය තහනමට පෙර 2014 වර්ෂයේ හා තහනම පැවැති අතරතුර කාලය දෙස බලන විට මත්ස්‍ය අපනයනයේ සීඝ්‍ර පහත වැටීමක් පෙන්නුම් කෙළේය. 2014 අපනයනය කරන ලද සමස්ත මසුන්ප්‍රමාණය මෙට්‍රික් ටොන් 26,320කි.
එය අපනයන තහනම පැවැති කාලයේ මාස 18කට ((2015 ජනවාරි සිට- 2016 ජුනි) 26,129ක් වේ. එම කාලය තුළ උපයන ලද විදේශ විනිමය ප්‍රමාණය රුපියල් මිලියන 2103කි.2018 වසරේ ජනවාරි හා මාර්තු මාස තුනක කාලය තුළ පමණක් මෙට්‍රික් ටොන්. 7174.8ක් අපනයනය කර ඇති අතර ඉන් උපයා ඇති මුදල . රුපියල් මිලියන 11,804.4කි.
පසුගිය රජය සමයේ යුරෝපා සංගමය විසින් අප රටේ මත්ස්‍ය අපනයනයට එරෙහිව පනවා තිබු තහනම 2016 ජුලි මස ඉවත් කරනු ලැබීය.
එම මත්ස්‍ය අපනයන තහනමට ප්‍රධාන හේතුව වුයේ එවකට පැවැති රජය විසින් යුරෝපා සංගමය විසින් මත්ස්‍ය අපනයනයේදී ක්රිරයාත්මක කළ යුතුව තිබු ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට පියවර නොගැනීමයි.
කෙසේ වුවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යුරෝපා සංගමය සමග කරන ලද සාකච්ඡාවල ප්‍රතිපලයක් වශයෙන් එම රටවලට මත්ස්‍ය අපනයනය සඳහා පනවා තිබු තහනම ඉවත් කළේය.මත්ස්‍ය අපනයන තහනම පැනවීමත් සමග මසුන් අපනයනය කරනු ලබන කර්මාන්ත විශාල ප්‍රමාණයක් වැසී ගියද මේ වනවිට අප රටේ මත්ස්‍ය සැකසුම් කර්මාන්ත සංඛ්‍යාව 34 සිට 68 දක්වා ඉහළ ගොස් තිබෙන අතර ශ්‍රී ලංකාවෙන් අපනයන කරනු ලබන ටුනා මසුන් මෙන්ම ඉස්සන්, පොකිරිස්සන්, කකුලුවන් වැනි මත්ස්‍ය විශේෂ සඳහා ජාත්‍යන්තර ඉල්ලුම ඉහළ ගොස් තිබේ.


0 Comments