මධ්‍යම පළාත ශ්‍රී ලංකාවේ පාරිසරික කේන්ද්‍රයයි. එහි හදවත වන්නේ පුජනීය සිරිපා අඩවියයි. මේ අඩවිය පරිසර සංවේදී කලාපයකි. එසේම ඉහළ ජලපෝෂක ප්‍රදේශයකි. පුරා සය මසක දීර්ඝ වන්දනා සමයක් ක්‍රියාත්මක වන මේ පින්බිමට පැමිණෙන පිරිස වසරින් වසර වැඩිවීම හා මිනිස් ක්‍රියාකාරකම් හේතු කොටගෙන සිදු වන පාරිසරික විනාශය ද දිනෙන් දින වැඩිවේ. මේ අපවිත්‍ර වටපිටාව පරිසර ගැටලු රාශියකට ද මුල් වී ඇත.
එක් සිරිපා සමයක ඒකරාශී වන කසළ ප්‍රමාණය ද ටොන් ගණනින් වැඩිවේ. ඒවා එක් රැස් කිරීමට පළාත් පාලන ආයතනය සැලසුම් ක්‍රියාත්මක කරන අතර පරිසර හා ස්වේච්ඡා සංවිධාන ශ්‍රමදාන ආදියෙන් මහත් ශක්තියක් එක් කරයි.
මධ්‍යම පළාත් මහ ඇමැති සහ පරිසර ඇමැති සරත් ඒකනායක මහතාගේ සංකල්පයක් මත මධ්‍යම පළාත් සභාව හා පරිසර අමාත්‍යාංශය ක්‍රියාත්මක කරනු ලබන පාරිසරික වැඩසටහනක් වන 'පරිසරය පූජනීයයි' වැඩසටහනට සමගාමීව සිරිපා පුදබිම ආශ‍්‍රිතව වාර්ෂිකව 'පාරිසරික සත්කාරක' පවිත්‍රතා වැඩසටහන මේ මස 22 සහ 23 දිනවල දී ක්‍රියාත්මක කෙරිණි. මේ පාරිසරික සත්කාරය සඳහා මධ්‍යම පළාත් සභාවේ සියලු අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු නිලධාරීන් මෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරිසර ගවේෂණ සංගමය, ශ්‍රීලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, මස්කෙළිය ප්‍රාදේශීය සභාව ඇතුළු ආයතන හා සංවිධාන ගණනාවක් දායකත්වය දැක්වීය.
උඩදුම්බර සමූහ
අජිත් ගංගොඩ


0 Comments