කේන්දර නොබැලුවත් එය අනිවාර්යයෙන්ම පරදින බව ජනමාධ්‍ය හා මුදල් ඇමැති කියයි
පසුගිය ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය දෙවතාවක්ම පැරදුන රාජපක්ෂ රෙජීමය පස්ස දොරෙන් ජානාධිපති පුටුවට මාන බලන වැඩපිළිවෙලේ පළමු පියවර වශයෙන් ඒකාබද්ධ විපක්ෂය විශ්වාසභංගය ඉදිරිපත් කර ඇතැයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා සඳහන් කරයි.
කේන්දර නොබැලුවත් පාර්ලිමේන්තුවේ ප්‍රායෝගික තත්ත්වය දෙස බැලූ කළ විශ්වාසභංගය අනිවාර්යයෙන්ම පරාජයට පත්වන බව ජනමාධ්‍ය හා මුදල් ඇමැති මංගල සමරවීර මහතා අවධාරණය කළේය.
ඇමැතිවරයා එසේ පැවසූවේ විශ්වාස භංගයේ ඇත්ත නැත්ත දැන ගැනීම සඳහා ස්වාධීන රූපවාහිනී සේවයේ ක්‍රියාකාරී අධක්ෂ විමල් කැටපෙආරච්චි මහතා මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා සමග ඊයේ (02) ඇමැතිවරයාගේ නිල නිවසේදී පැවැත්වු සම්මුඛ සාකච්ඡාවේදීය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය ඒකමතිකව පරාජයට පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බවත්, නැවතත් චෞර පාලන යුගයකට යන පාර නොකපන බවට ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය කැප කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ කැපවීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හොඳින් දන්නා බවත් ඉතිහාසයේ සිටි කිසිම නායකයෙකු මෙවන් කැපවීමක් සිදු කර නොමැති බවද අමාත්‍යවරයා පවසයි.
විශ්වාසභංගය තේ කෝප්පයක කුණාටුවක් ලෙස හඳුන්වා දෙන ඇමැතිවරයා හතරවැනිදා විශ්වාසභංගය පරාජය කර 2015 ජනවාරි 08 දා ආරම්භ කළ අන්ධකාරයෙන් ආලෝකයට යන ගමන එදාටත් වඩා වේගවත්ව එක්සිත්ව එක්සත්ව යනවාද නැද්ද තීරණය කළ යුතු බවත් කීය.
ජනවාරි 08දා රටේ ජනතාව සමග අත්වැල් බැඳගෙන ප්රජාතන්ත්රවාදය, සංවර්ධනය සහ සංහිඳියාව යන ප්‍රධාන කරුණු තුන මුල්කරගෙන ඉදිරියට යන අවස්ථාවකදී පසුගිය චෞර රාජ්‍ය ක්‍රමයෙන් වාසි ගත් අය දිගින් දිගටම රජය දුර්වල කර විනාශ කිරීමට උත්සහ ගත් බවද සමරවීර මහතා පවසයි.
ජනාධිපතිවරයා තනතුරෙන් නෙරපීමටද ඒ අය කුමන්ත්‍රණය කළ බවත් මහ මැතිවරණයෙන් පරාජය වීමෙන් පසුව රජය දුර්වල කිරීමට විවිධ උපක්‍රම යෙදු බවත් පවසන අමාත්‍යවරයා, ඔවුනගේ හොරකම් සහ දූෂණ පිළිබඳ විමර්ශන ඉක්මනින් විභාග කිරීමට අධීකරණ පිහිටුවීමට පියවර ගෙන ඇති අවස්ථාවේ අලුත්ම උපක්‍රමයක් ලෙස අගමැතිවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය අගමැතිවරයාට එරෙහිව නොව මුළු රජයට එරෙහිව ඉදිරිපත් කළ එකක් බවට පැහැදිලි වන බවද කීය.
එම නඩු විභාග යටපත් කර නැවතත් බලයට පැමිණ චෞර රාජ්‍ය ක්‍රමය ඇති කරලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපති ලෙස පත් කිරීමට පරිත්‍යාගයක් කර අවංකවම කැපවීම් කළ අගමැතිවරයා ඉලක්ක කරගෙන ඇති බවද ඇමැතිවරයා කීය.
මේ කිසිම හේතුවක් නිසා රජය පසුගිය තෙවසර තුළ ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල ආපස්සට යාමට ඉඩ නොතබන බව මංගල සමරවීර මහතා අවධාරණය කළේය.
අති විශාල ණය බරක් සමග රට භාර ගෙන පසුගිය වසර තුළදී පමණක් ට්‍රිලියන එකයි දශම නවයක් ගෙවීමට හැකිවනසේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථිකය සවිමත් කළ බව පෙන්වා දුන් ඇමැතිවරයා වැඩිම අපනයනයක් පසුගිය වසරේ වාර්තා වු බවත් කීය. කුණු කන්දකින් වැහුනු ආර්ථිකය ක්‍රම ක්‍රමයෙන් ගොඩ නගමින් සිටින බවත් ඉදිරි වසර එක හමාර තුළ ආර්ථිකයේ තවත් ප්රතිලාභ ලැබෙන බවද කීය.
රක්ෂණ ශ්‍රියන්ත
0 Comments