Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සනීපාරක්ෂක පහසුකම් නැති පන්සල්වලට ප්‍රතිපාදන ලබාදීමට පියවර ගන්නවා

Author(s): 
සිතාරා සේනානි

සනීපාරක්ෂක පහසුකම් නොමැති බවට වාර්තා වන විහාරස්ථානවලට වැසිකිළි පහසුකම් ලබාදීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලින් අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් සනීපාරක්ෂක පහසුකම් නොමැති විහාරස්ථාන සම්බන්ධයෙන් සිදු කරන ලද ප්‍රකාශයක් පදනම් කර ගනිමින් මෙ තීරණය ගත් බව ඇමැතිවරයා පවසයි.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ පරිපාලනය ඇතුළු සියලු කාර්යයන් විධිමත් කිරීමට පියවර ගත් බැවින් අරමුදලට ලැබෙන ආදායම් ඉහළ නැංවීමට හැකි වී ඇති බව සඳහන් කරන ඇමැතිවරයා එම අරමුදල් යොදවා මෙවැනි කටයුතු සිදු කිරීමට හැකි වී ඇති බවද කියයි.

එමෙන්ම, උතුරු හා නැගෙනහිර පළාත්වල පිහිටි ඓතිහාසික වටිනාකමක් සහිත සියලුම ආගමික ස්ථාන සංරක්ෂණය කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස මධ්‍යම සංස්කෘතික අරමුදලට උපදෙස් ලබා දී ඇති බව ද අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

අධ්‍යාපන ඇමැතිවරයා මේ බව පැවැසුවේ ගුරු අධ්‍යාපනඥ සේවයේ 3 වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා පැවති විවෘත තරග විභාගයෙන් සමත් වූ 24 දෙනකුට පත්වීම් ලිපි සහ සුදුසුකම් සම්පූර්ණ කරන ලද ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 2 පන්තියේ නිලධාරීන් 263 දෙනකුට ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 1 පන්තියට උසස්වීම් ලිපි ප්‍රදානය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පෙරේදා (23) පැවති උත්සවයයේදී ය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();