ඓතිහාසික කඩුගන්නාව ගල් බිංගෙය අවදානමක් හේතුවෙන් ගලෙහි පැල්මක් හට ගෙන ඇති ස්ථානයේ මුක්කු ගසා එම ස්ථානය නැරඹිම පවා මෙ වන විට තහනම් කරමින් ජනතාව දැනුවත් කර නාමපුවරුවක්ද සකස් කර එහි මෙ වන විට සවි කර තිබෙනු දැක ගත හැකියි.
පසුගිය සතියේ මෙම ස්ථානයේ පැල්මක් ඇති වි ඇති බවත් පෙරේදා 23 එම ස්ථානයේ වාහාන ගමනාගමනය නවත්වා තිබෙන බවත් මාධ්‍ය හරහා වාර්තා කිරිමෙන් පසුව කඩුගන්නාව විධායක ඉංජිනේරු කාර්යාල මගින් මෙ පියවර ගෙන ඇත.
එහි ජනතාව දැනුවත් කරමින් නාමපුවරුවද යොදා ඇත්තේ එම කාර්යාලය විසිනි. ඒ අනුව අද එම පැල්ම ඇති ස්ථානයේ මුක්කු යොදා එහි පරික්ෂණ කටයුතු විදිමත් කර ඇති බව දැක ගැනිමට හැකි විය.
මෙම ස්ථානය මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය මගින් පසුගිය 2017 වර්ෂයේ ජුනි 18 වැනි දින මිලියන 24 යොදවා සංවර්ධනය සිදු කරමින් වැඩ ආරම්භ කර අතර තවමත් එහි සංවර්ධන කටයුතු සිදු වෙමින් පවති. ඒ අතරවාරයේ ප්‍රදේශවාසීන් විසින් මෙම ගල් බිංගෙයෙහි පැල්මක් ඇති බව මාධ්‍ය දැනුවත් කර පසුව ඒ සම්බන්ධයෙන් වගකිව යුතු අංශ වල අවදානය ඉතා ඉක්මනින් යොමු විය.
කොළඹ නුවර ඒ 1 මාර්ගයේ මෙම ඓතිහාසික ගල් බිංගෙය උඩරට පිවිසුමෙදි එහි සංකේතවත් කරන මනරම් ස්ථානයක් වන අතරම වර්ෂ 1828 සහ 1830 කාලයේදි මෙය නිර්මාණය කර ඇත්තේ කොළඹ නුවර මාර්ගය සංවර්ධනයේදිය. නමුත් අද ගල් බිංගෙය වට රවුමෙන් මංතීරු දෙකෙහි ප්‍රධාන මාර්ගය පිහිටා ඇති අතර මේ ගල් බිංගෙයෙන්ද සැහැල්ලු වාහාන ගමනා ගමනය සිදු වෙනවා. එම නිසා මේ ඓතිහාසික උරුමය ආරක්ෂා කිරිම වෙනුවෙන් වගකිව යුත්තන්ගේ උනන්දුව සම්බන්ධයෙන් ප්‍රාදේශවාසීන් ප්‍රසාදය පල කරයි.
මාවනැල්ල විශේෂ සමන්
බංඩාර හා මහනුවර
නිහාල් ජයවර්ධන


0 Comments