අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ මෙහෙයුම් සිදුවන අතරතුර නව අගමැතිවරයකු තෝරා ගැනීමේ මෙහෙයුමක් සිදුවන බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
යම් හෙයකින් විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී ජයග්‍රහණය කළහොත් නව අගමැතිවරයා වශයෙන් පත්කළ යුත්තේ කවුරුන්ද යන්න දේශපාලන කණ්ඩායම් කිහිපයක් දැනටමත් සාකච්ඡා ආරම්භ කර තිබේ.
එවැනි අවස්ථාවකදී ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අගමැති ධුරයට යෝජනා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ.
එය සාර්ථක නොවුණහොත් කතානායක කරු ජයසූරිය මහතා අගමැති ධුරයට යෝජනා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිපදෙනකුගේ අවධානය යොමු වී ඇති අතර ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ පිරිසකගේද සහාය ලබාගැනීමට හැකි තත්ත්වයක් පවතින බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
නව අගමැතිවරයකු පත්කර ගැනීමට අවශ්‍ය වුණොත් අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ නම යෝජනා කිරීමටද එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් සූදානමින් සිටිති.
ඔවුන්ගෙන් වැඩි පිරිසක් එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කළ යුතුයි යන මතයේ දැඩිව සිටින අය බවද වාර්තා වේ.
මේ අතර නව අගමැතිවරයකු අවශ්‍ය වුවහොත් ඒ සඳහා අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පත්කළ යුතු බවට ප්‍රකාශ කරන කණ්ඩායමක්ද සිටින අතර යහපාලනය වෙනුවෙන් දැඩිව පෙනී සිටින මේ කණ්ඩායමට දෙමළ හා මුස්ලිම් මන්ත්‍රිවරුන්ගේ පිරිසක් එක්ව සිටින බවද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසී ය.
The post අගමැතිකමට තියුණු සටනක් – නිමල්, රංජිත්, රාජිත, කරූගේ නම්..? appeared first on Ape Rata | News Sri Lanka |News Today|Breaking News|Daily News.
0 Comments