Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගුවන් තොටුපළ අවට පොලිස් ආරක්ෂාව

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට පොලිස් කැරළි මර්දන ඒකකය, පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් මෙන්ම, වෙනත් හමුදා භට පිරිස් රැදී සිටීන බව වාර්තාවේ.

එ් කටුනායක ගුවන් තොටුපොළ තුළ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය මඟින් සංවිධානය කළ සේවක විරෝධතාවක් හේතුවෙනි.

මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව සභාපතිවරයෙකු සහ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් සිව්දෙනෙකු පත් කර තිබේ.

සමාගමේ නව සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ, රංජිත් ප්‍රනාන්දුයි.

මනෝ තිත්තවැල්ල, සුසන්ත කටුගම්පොල සහ අාචාර්ය රොෂාන් පෙරේරා අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කර ඇත.

එයාර්මාෂල් කපිල ජයම්පති ද ගුවන් සේවයේ නව අධ්‍යක්ෂවරයෙකි.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉල්ලා අස්වීමේ ලිපි පසුගිය 29 වන දා පිළිගැනීමෙන් අනතුරුව නව පත් කිරීම් සිදු කර ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();